Home Tech News Microsoft, Office යෙදවුම Chromebook සඳහා සහාය දීම ඉදිරියේදී නවත්වයි
Tech News

Microsoft, Office යෙදවුම Chromebook සඳහා සහාය දීම ඉදිරියේදී නවත්වයි

Share
blank
Bishkek, Kyrgyzstan - June 6, 2019: Asus Chromebook. A Chromebook for Education on a wooden desk.
Share

2021 සැප්තැම්බර් 18 සිට බලපැවැත්වෙන පරිදි, Microsoft සමාගම විසින් Chromebook පරිගණක සඳහා සිය Office Suite යෙදවුම Google Play Store හරහා බා ගත කර භාවිත කිරීම වෙනුවට වෙබ් සේවාවක් ලෙස එය ලබාදීමට තීරණය කර ඇත.

2017 වසරේ සිට Microsoft සමාගම සිය Office යෙදවුම Google Play Store හරහා බා ගත කර භාවිතා කිරීමට Chromebook පරිශීලකයින්ට ලබා දුන් අතර, එහි Word, Excel, PowerPoint, OneNote සහ Outlook යන සේවා ඇතුලත්ය.

මෙම නවතම වෙනසත් සමඟ සැප්තැම්බර් 18 න් පසු නිල වශයෙන් Chromebook සඳහා Office හා Outlook යෙදවුම් වෙත සහාය ලබාදීම නවතා දමන අතර, එතැන් සිට office.com සහ outlook.com හරහා අදාළ යෙදවුම් Microsoft 365 හි වෙබ් සේවාවන් ලෙස භාවිත කිරීමට පරිශීලකයන් යොමු කිරීමට උනන්දු කරන බව එම සමාගම වැඩිදුරටත් පවසා සිටී.

කෙසේ වෙතත් Microsoft Office යෙදුම් දැනටමත් බා ගත කර ඇති Chromebook පරිශීලකයන් සඳහා කිසිදු නිල සහයෝගයක් හෝ අනාගත යාවත්කාලීනයන් නොලැබුණත්, එම දිනයෙන් පසුවත් අදාළ යෙදුම් අඛණ්ඩව භාවිතා කළ හැකිය.

Microsoft සමාගම තාක්ෂණික පුවත් වාර්තා කරන වෙබ් අඩවියක් වන TechCrunch වෙත පසුගියදා මේ සම්බන්ධව වැඩිදුර කරුණු දක්වමින් සඳහන් කළේ මෙය Chromebook පාරිභෝගිකයින් සඳහා වඩාත් ප්‍රශස්ත අත්දැකීමක් ලබාදීමේ ප්‍රයත්නයක් ලෙසත්, පරිශීලකයන්ට Microsoft 365 හි අතිරේක හා Premium විශේෂාංග වෙත ප්‍රවේශ වීමට අවකාශ සැලසෙන බවයි.

Microsoft 365, යෙදවුම් පාදක කරගත් (app-based) ක්‍රමවේදයට වඩා වෙබ් සේවාවක් ලෙස පැවතීම නිසා විශාල තිර සමඟ භාවිතා කිරීමට පහසු වන ලෙස වැඩිදියුණු කර ඇත.

ඒ අනුව Chromebook පරිශීලකයන්ට Office සහ Outlook වෙත ප්‍රවේශය ලබා ගැනීමට නම්, ඔවුන්ගේ පුද්ගලික Microsoft ගිණුමෙන් හෝ අදාළ Microsoft 365 Subscription හා සම්බන්ධ ගිණුමෙන් හරහා පිවිසිය යුතු වේ. මේ සඳහා online උපදෙස් මාලාවක් Microsoft සමාගම විසින් පළ කර ඇත.

Chromebooks ක්‍රියාත්මක වන්නේ Google සමාගම විසින් සංවර්ධනය කරනු ලබන Chrome OS නම් Linux පදනම් කරගත් මෙහෙයුම් පද්ධතියකිනි. මේ නිසා Android යෙදවුම් වුවද Google Play Store හරහා බා ගත කර Chromebook හි භාවිතා කළ හැකිය.  Chromebook සඳහා වූ Microsoft Office සහයෝගය පහව යමින් තිබුණද, Microsoft සමාගම විසින් Android ස්මාර්ට් දුරකථන හා Tablet PC සඳහා තම අනෙකුත් යෙදවුම් සඳහා සහාය ලබාදීම අත් නොහරින බව සැලකිය යුතුවේ.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...