Press ESC to close

Discord වලට ලංසු තියන Microsoft

Discord කියන්නේ Gamers ල අතර ඉතා ප්‍රසිද්ධ සේවාවක්. මෙමගින් text chat, voice chat, video chat සහ communities වගේ සේවාවන් විශාල සංඛ්‍යාවක් සපයනවා. යාලුවොත් එක්ක එකතු වෙලා ගේම් එකක් ප්ලේ කරනවනම් Discord server එකකට එකතු වෙලා හරි Discord call එකක් හරි අරගෙන ප්ලේ කරන එක මේ වෙද්දි සාමන්‍ය දෙයක් බවට පත් වෙලා..

ලැබෙන ආරංචි හැටියට මේ වෙද්දි Microsoft ආයතනය Discord සේවාව ඩොලර් බිලියන 10කට මිලදී ගන්න සාකච්චා කරගෙන යනවා. මේ බව ප්‍රකාශ කරල තියෙන්නෙ Xbox අධ්‍යක්ෂ Phil Spencer විසින්. මිලියන 140ක විතර monthly users ල පිරිසක් ඉන්න Discord සේවාව මිලදී ගන්න Microsoft ආයතනයට අමතරව Epic Games සහ Amazon ආයතනත් සාකච්චා කරගෙන යනවා කියලයි වාර්තා වෙන්නේ. මේ කිසිම පියවරක් සාර්ථක උනේ නැතිනම් Discord සේවාව පොදු සමාගමක් විදිහට ඉදිරියට පවත්වාගෙන යාවි.

Get Your Site Up with A2 Hosting

Microsoft ආයතනයේ Xbox සේවාව පසුගිය කාලයේ Gaming පැත්තට ඉතා විශාල වශයෙන් ආයෝජනය කරා. මීට සති කිහිපයකට කලින් The Elder Scrolls, Fallout වැනි ඉතා ප්‍රසිද්ධ සහ සාර්ථක Video Games Developing Studio එකක් වන Bethesda Softworks අයිති මව් සමාගම වන ZeniMax Media, Microsoft විසින් ඩොලර් බිලියන 7.5කට මිලදී ගත්තා. Discord සේවාව මිලදී ගන්න සූදානම් වෙන එකත් ඒ සැලසුමේම ඊලඟ පියවරක් වෙන්න පුළුවන්.

ගිය අවුරුද්දෙ Discord සේවාව ඩොලර් මිලියන 130ක ආදායමක් ලබාගෙන තියනවා. Discord නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් උනත් වඩා හොඳ features රැසක් ලබාදෙන Discord Nitro සේවාව මාසෙකට ඩොලර් 9.99කට ලබා ගන්න පුළුවන්. Discord Nitro premium සේවාව තමා Discord ආදායම් උපයන ප්‍රධාන ක්‍රමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *