Home Tech News Google Deepmind සේවකයන් විරෝධතාවක
Tech News

Google Deepmind සේවකයන් විරෝධතාවක

Share
blank
Share

මෙම විරෝධතාවයේ ආරම්භය වන්නේ, 2024 මැයි මස 16 වන දිනයේ Google සමාගමේ කෘතිම බුද්ධිය හා සම්බන්ධ Google Deepmind හි පර්යේෂණ හා සංවර්ධන අංශයේ සේවකයින් 200කට අධික පිරිසක් Google සමාගම සහ ඊශ්‍රායල රජය අතර සහයෝගීතා ව්‍යාතියක් වන “Project Nimbus” ඇතුළුව එම සමාගම හමුදා සංවිධාන සමග එළඹී ඇති ගිවිසුම්වලට විරෝධය පලකරමින් ලිපියක් අත්සන් කරමින්ය.

ඔවුන්ගේ Ai තාක්ෂණය යුධමය අරමුණු සදහා යමෙකුට භාවිතා කළහැකි බවට සේවකයින් කනස්සල්ල පලකරන අතරම ඔවුන් පවසන්නෙ Google සමාගම Ai මූලධර්ම වලට පටහැනිව ක්‍රියාකරන බවයි.එසේම Google මිලිටරි සංවිධාන සමග ඇති ගිවිසුම් පිළිබදව පහත අත්සන් කල අය ගැන සැලකිලිමත්ව සිටින බවද වැඩි දුරටත් ඔවුන්ගේ ලිපියේ සදහන්ය.

තවද Google Deepmind හි සංවර්ධනය වෙමින් පවතින Ai තාක්ෂණයන් තවමත් Google Cloud හරහා මිලිටරි යෙදුම් සදහා වක්‍රව සම්බන්ධවීමට ඉඩ ඇති බව සේවකයින් පෙන්වා දෙන්නේය.මෙලෙස සමාගමේ අභ්‍යන්තරයේ බෙදාහරින ලද ලිපියේ මිලිටරි සංවිධානවලට Ai සේවා සැපයීම නවත්වන ලෙස ඔවුන් සමාගමෙන් ඉල්ලා සිටින අතරම අනාගතයේදී Deepmind හි තාක්ෂණය එවැනි අරමුණු සදහා භාවිතා නොකරන බව සහතික කිරීමට පාලන ආයතනයක් පිහිටුවන ලෙසද ඔවුන් ඉල්ලා සිටියේය.කෙසේ නමුත් මෙයට Google හි ඉහල කළමණාකාරීත්වයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා සේවකයින් කලකිරීමට පත්ව ඇත.

මෙසේ Google සේවක කාර්‍ය්මණ්ඩලය Google Cloud මගින් මිලිටරි පහසුකම් සැපයීමට විරුද්ධ වූ පළමු අවස්ථාවද මෙය නොවේ.2018 දී, Drone දර්ශන විශ්ලේෂණය කිරීමට Ai භාවිතා කළ පෙන්ටගනයේ ව්‍යාපෘතියක් වන Project Maven සම්බන්ධයෙන්ද Google සේවකයින් විරෝධය පලකර තිබේ.

Source-TechCrunch

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...