Press ESC to close

AMD RYZEN 1300X build

AMD RYZEN කියන්නෙ Budget SYSTEM වලට ගැලපෙන ඔයාට Gaming වගේම Workstation වැඩ වලට උනත් පාවිච්චි කරන්න පුලුවන් හොද CPU family එකක්. මේ ලිපිය අපේ RYZEN build එකේ තියෙන දේවල් ගැන පැහැදිලිව ඔයාට කියන්නයි.

RYZEN family එකේ RYZEN 3 | 5 | 7 විදිහට intel line up එකට හුරු වෙලා ඉන්න අයට තේරෙන විදිහටම එයාලගෙ CPU නම් කරල තියෙනව. ඒ උනාට  මෙතනදි RYZEN 3 කියල කියන්නෙ quad core CPU එකක්. මේ නිසා ඔයා ගෙවන ගානට හොද performance එකක් මේ true quadcore CPU එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Get Your Site Up with A2 Hosting
Model (GHz)Base Clock (GHz)Boost Clock (GHz)TDP (watts)coolerPrice ($)
Ryzen 7 1800X3.64.095N/A$499
Ryzen 7 1700X3.43.895N/A$399
Ryzen 7 17003.03.765Wraith Spire$329

මේ Build එකට ගිය මුදල තමයි මේ. මේකෙ CPU / Motherboard / RAM වලට යන ප්‍රධාන ගණන් වලට පස්සෙ අනෙක් හැම කොටසක්ම ඔයාට ඕන කරන brand වලින් වගේම අතේ තියෙන ගාණට හරියන්න balance කරගන්න පුලුවන්. උදාහරණයක් විදිහට graphic card එක GT 1030 එකකට යන්න පුලුවන්. මෙතනදි Gaming වලදි performance අඩු වීමක් තියෙනව උනාට අනෙක් වැඩවලදි ඒක බලපාන්නෙ නැහැ.

ItemPrice (රු)Link
Ryzen 1300X24000https://goo.gl/yUBb8N
Asus Prime B350 Plus18000https://goo.gl/wRz455
8GB RAM15000https://goo.gl/gsbzNU
Asus STRIX 1050 ti 4GB38500https://goo.gl/8QLjfQ
Cooler master lite 4007100https://goo.gl/46uN18
WD 1TB HDD7650https://goo.gl/BEyhgs
Cooler master elite 3115650https://goo.gl/pNucAu
Asus DVD ROM2500https://goo.gl/U3gUrm
Asus P228 Monitor18750https://goo.gl/mHNJ6a
Keyboard900https://goo.gl/z5kNHk
Mouse500https://goo.gl/f5YSyL
TOTAL138,550මේ මිල ගණන් CPU එක ඇරෙන්න අනෙක් කොටස් වෙනස් කරල හදාගන්න පුලුවන්.

 

CPU එක.

මේ Build එක ප්‍රධානවම හැදුවෙ හොද budget එකකට උපරිම performance ගන්න පුලුවන් වෙන System එකක් විදිහට. gaming වලට Graphic Designing / Video editing / 3D Rendering වගේ හැම දෙයක්ම කරන්න අවශ්‍ය කරන දේවල් මිලත් එක්ක balance කරන්න මෙතනදි ඕන උනා. ඒ නිසා RYZEN 3 – 1300 X CPU එක තමයි Build එකට පාවිච්චි කරල තියෙන්නෙ.

Cores4
Threads4
Base Clock3.5GHz
Turbo Core Speed3.7GHz
L3 Cache8MB
UnlockedYes
SocketAM4
TDP65W

Motherboard එක.

වැඩිම PC components ගණනක් නිෂ්පාදනය කරන Asus brand එකෙන් Asus Prime B350 PLUS Board එක මේකට තෝරගෙන තියෙන්නෙ මේ Board එකේ තියෙන Features සහ Simple Design එක නිසා. Board එකේ එන AMD B350 chipset එක Dual graphic cards වලට සහයෝගය දෙන්නෙ නැති උනාට ASUS ල මෙතනදි Onboard controller එකක් හරහා AMD Crossfire හරහා graphic cards 2ක් දාන්න පුලුවන් විදිහට හදල තියෙනව.

RAM

AMD RYZEN CPU / motherboard වලට DDR 4 – 2666Mhz දක්වා speed වලින් RAM support කරනව. ඒ වගේම OC යටතේ 3000 Mhz දක්වා වේග වලින් RAM speeds support කරනව. මෙතනදි Kingston DDR4 – 2400Mhz 4GB  sticks දෙකක් තමයි පාවිච්චි කරේ.

Graphics

Asus STRIX GTX 1050 Ti 4GB Graphic card එක මේ build එකට ගත්තෙ CPU එකත් එක්ක testing වලදි bottleneck එකක් නොවී උපරිම performance test කරන්න.  GTX 1050 Ti කියන්නෙ 1080p gaming වලට හොද Graphic card එකක් වගේම දැනට තියෙන games High / ultra settings mix එකකින් ගහන්න පුලුවන් Card එකක්.

Hard Disk

Western Digital Blue 1TB hard drive එකක් මේ build එකේ Data storage solution එක විදිහට පාවිච්චි කරල තියෙනව. WD Blue කියන්නෙ 7200rpm වේගයක් තියෙන හොද storage solution එකක්. අවශ්‍ය නම් ිsystem එක තවත් speedup කරගන්න අපිට SSD එකක් පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි මේ Build එකේදි මේ විදිහෙ වැඩිපුර දේවල් නැතුව ඕනම කෙනෙකුට හදාගන්න පුලුවන් budget එකක් යටතේ තමයි කොටස් තෝරගෙන තියෙන්නෙ.

Power supply

මේ system එකට ඕන කරන power requirement එක Calculate කරන්න මම පාවිච්චි කරේ outervision power supply calculator එක.  Power requirement  result එක මෙතනින් බලන්න. මෙතනදි මට 300w විදිහට requirement එක පෙන්නුව. මෙතනදි ඉදිරියෙදි වැඩි කරන්න හිතන් ඉන්න Storage / Graphics වගේ දේවල් නිසා ටිකක් වැඩි wattage එකක් තියෙන Cooler master 400 Power Supply එකක් තෝරගෙන තියෙනව.

DVD / CD ROM

වැඩි කාලයක් Data තියාගන්න පුලුවන් M-Disc තාක්ෂණය එක්ක එන Asus DRW-24D5MT DVD Rewriter එක තමයි මේ build එකට තෝරගත්තෙ. මේක Future proof Solution එකක් කියන්න පුලුවන් M-Disc පහසුකමත් තියෙන නිසා. හැබැයි දැන් OS එකේ ඉදන්ම USB හරහා දාන්න පුලුවන් නිසා මේ කොටස අත්‍යවශයම නැහැ.

Casing

මේ build එකට LED lighting / open panel වගේ දේවල් එකතු කරගන්න මම plan කලේ නැහැ. මොකද මේ දේවල් වලින් System එක ලස්සන උනාට gaming / professional වැඩ වලදි මේ LED වලින් උදව්වකට වඩා ඇහැට පීඩාකාරී වෙහෙස වෙන effects එන්න පුලුවන්. මේ නිසාම අැතුලත හොදට ඉඩ තියෙන Cooler master elite 311 Casing එකක් තෝරගත්ත. RYZEn build එකට හරියන්න Red color lining එකක් තියෙන Casing එකක්ම තෝරගත්ත.

Monitor – Display

Asus VP228 Full HD LCD Monitor එක තමයි build එකට පාවිච්චි කරේ. මේ monitor එක ගන්නවනම් අනිවාර්යෙන් DVI  එහෙමත් නැත්නම් HDMI cable එකක් වෙනම ගන්න. මොකද මේ Package එකේ එන්නෙ D-Sub cable එකක් විතරයි. inputs විදිහට D-SUB / HDMI / DVi-D තියෙනව. අඩුම ගානෙ DVI cable එකක් වත් include කරානම් මේ monitor එක තවත් වටිනව.

keyboard / Mouse

Barclays ලගෙම MEGABOX brand එකෙන් Wired keyboard / Mouse මේ build එකට අරන් තියෙනව. මේ MEGABOX multimedia keyboard එක ඉතාම හොද build quality එකක් වගේම පහසු design එකකින් හදල තියෙනව. cable එක උනත් හොද thickness එකකින් හදල තියෙනව.

Video එකත් බලන්න

Build & Performance

මේ Section එක ඉදිරි දින කීපය ඇතුලත සම්පූර්න විස්තර එක්ක update කරනව.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

  • Sandaru Nethminasays:

    April 10, 2019 at 7:22 pm

    Me build eka gaming walata hondada?
    Asus h310m-k
    Gskill ripjaws v 8gb
    I5 8400
    Gigabyte 1060 3gb
    Gfield f22or
    Corsair vs 450
    Asus dvd writer
    Wd blue 1tb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *