Home Tech News Events Smart Phone වලින් සමුගන්නා LG
EventsPhonesTech News

Smart Phone වලින් සමුගන්නා LG

Share
blank
Share

LG සමගම පසුගිය සතියේදී  ඔවුන් smart phone නිෂ්පාදනයෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළහ.ඒ අනුව මින් ඉදිරියට LG සමගම කිසිදු ජංගම දුරකතනයක් නිපාදනය කරන්නේ නැත.කෙසේ නමුත් LG  සමගම යනු විශාල ක්ෂේත්‍ර ගණනාවක පවතින සමාගමක් බැවින් ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර සිටයේ smartphone නිෂ්පාදනයෙන් ඔවුන් සමුගත්තත් විදුලි වාහන උපාංග, ස්මාර්ට් නිවාස, රොබෝ තාක්ෂණය, AI තාක්ෂනය සම්බන්දව ඉදිරියට කටයුතු කරන බවයි.

LG සමගම යනු smartphone ක්ෂේත්‍රයේ නියමුවෙකු වුයේ අද්විතීය තාක්ෂණික නව සොයා ගැනීම් ඔවුන්ගේ ජංගම දුරකථන වලට එකතු කරමිනි. ඇත්තෙන්ම ඔවුන් කිසිවකු අනුකරණය නොකළ අතර ඔවුන් සෑමවිටම නව තාක්ෂනයන් ලොවාට ඉදිපත් කළහ. පළමු dual core processor එකක් සහිත දුරකථනය හා ලොව පළමු වරට quad core processor එකක් සහිත දුරකථනය හදුනවා දුන්නේද LG සමගම වේ.

ලොව ප්‍රථම වරට නම්‍යශීලි smartphone එක වන්නේද LG g flex වේ. තීරයන් දෙකක් සහිත ජංගම දුරකථන ඉතිහාසයේ පලමු පියවරද LG සමගම විසින් තැබූ අතරම ultra-wide camera තාක්ෂණයද, double tap to wake වැනි smartphone භාවිතයේ නැතුවම බැරි තාක්ෂණයන් රැසක් ඔවුන් ලොවට හදුන්වා දුන්නේය. LG සමගම මැත කාලින ඉතිහාසයේ smartphone ක්ෂේත්‍රය තුල පසුබෑමකට ලක්වීම, ඔවුන් smartphone ක්ෂේත්‍රයෙන් විශ්‍රාම යාමට ප්‍රධාන හේතුව වේ. එනමුත් මේ වනවිටත් වෙළදපොල තුල විකිණීමට ඇති LG  ජංගම දුරකථන සදහා service and warranty පිලිබදව ඔවුන් කටයුතු කරන බව ඔව්න් තව දුරටත් ප්‍රකාශ කර ඇත.2021 වසරේදී  smartphone ලොව පුරෝගමියකුගේ නික්මයාම මෙලෙසින් සටහන් වනු ඇත.

Share

5 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...