Home Tech News ඖෂධ හොයන සුපිරි පරිගණකය
Tech News

ඖෂධ හොයන සුපිරි පරිගණකය

Share
blank
Share

අලුත් ඖෂධ සහ වැක්සීන් වර්ග ඉක්මණින්ම සොයා ගත හැකි සුපිරි පරිගණකයක්, දැන් බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ සිට ක්‍රියාත්මක වෙනවා. මෙම සුපිරි පරිගණකය, Isambard-AI ලෙස නම් කර තිබෙනවා. මෙම කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණක ව්‍යාපෘතිය සැලසුම් කර මෙහෙයවනු ලබන්නේ බිස්ටල් විශ්ව විද්‍යාලයේ සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය සයිමන් මැකින්ටොෂ් ස්මිත් ඇතුළු පිරිස විසින්.

‘බෙහෙත් වර්ග අපේ ඇඟ ඇතුළේදී වැඩ කරන ආකාරය අනුකරණය කර පෙන්වන්න, මේ පරිගණකයේ ක්‍රියාත්මක වෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහනට පුළුවන්. ඒ නිසා මීට කලින් කාටවත් කරන්න බැරිවූ වැඩ කරන්න දැන් අපට හැකියාව තිබෙනවා’ යැයි මහාචාර්ය සයිමන් මැකින්ටොෂ් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.

Isambard-AI, හෙවිලට් පැකාඩ් එන්ටප්‍රයිස් සමාගමේ ක්‍රේ මාදිලියේ සුපිරි පරිගණකයක්. තත්පරයට ෆීටා ෆ්ලොප් 7.4 ක වේගයක් ඇති මෙම සුපිරි පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ, එන්විඩියා ග්‍රේස් (NVIDIA Grace_72C_3.1 GHz) ප්‍රොසෙසර්වලින්.

බ්‍රිතාන්‍ය රජයෙන් ලබාදුන් ස්ටර්ලිං පවුම් මිලියන 225 ක වියදමින් ගොඩනංවන ලද Isambard-AI සුපිරි පරිගණකය, අද ලොව වේගවත්ම සුපිරි පරිගණක දහයෙන් එකක්. එසේම එය ලොව පරිසර හිතකාමීම සුපිරි පරිගණක දහය අතරින්ද එකක් වෙනවා. එපමණක් නොව, ඖෂධවල සැකැස්ම අනුමාන කළ හැකි ලොව එකම කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණකයද මෙයයි.

සාමාන්‍ය විදියට පර්යේෂණ පවත්වා ප්‍රතිජීවක හෝ වැක්සීන හෝ වශයෙන් වෙන ඖෂධයක සැකැස්ම අනුමාන කිරීමේ පටන්, සායනික පරීක්ෂණ පවත්වා ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීම දක්වා ඇත්තේ වියදම් අධික දීර්ඝ කාලයක්. මේ වෙනුවෙන් ගත වෙන කාලය අවුරුදු දහයක් පමණ වෙනවාක් මෙන්ම වියදම ඩොලර් බිලියනයක් පමණ වෙනවා.

මෙම සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට අලුත් ඖෂධයක් සොයා ගැනීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගන්න පුලුවන්. එවිට ඖෂධය සොයා ගැනීමට යන කාලය අඩු වෙනවා. සිතුවාට වඩා කලින් කොවිඩ් 19 වෙනුවෙන් වැක්සීන සකසනු ලැබුයේද මෙවැනි කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිතා කරමින්.

මෙහිදී කරන්නේ වැක්සීනයක් හෝ වෙනත් ඖෂධයක් හෝ සැකසීම පිණිස භාවිතා කළ හැකි දත්ත කන්දරාවක් අතරින් නියම පිළිවෙළට අනුව දත්ත තෝරා ගෙන, නිගමනයකට පැමිණීමයි. මේ වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි අධ්‍යයන ඇල්ගොරිතම සැකසිය යුතු වෙනවා. මින් ඇතැම් ඒවා පර්යේෂකයින්ගේ අනුදැනුමක් ඇතිව ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවා පර්යේෂකයින්ගේ අනුදැනුමක් නැතිව නමුත් සකසා දුන් සැකැස්මකට අනුව ක්‍රියාත්මක වෙනවා.

දැන් ඇති තවත් ඇල්ගොරිතම ආකාරයක් වෙන්නේ, දැනට තිබෙන කෘත්‍රිම බුද්ධි ආකෘති අතරින් එකක් හෝ කීපයක් හෝ යොදා ගෙන ඖෂධයක සැකැස්ම අනුමාන කිරීමයි. ටෙන්ස, (tensorflow.org) ගූගල් ඒඅයි, මයික්‍රොසොෆ්ට් ඒඅයි, ඕම්පන් ඒඅයි යනාදී කෘත්‍රිම බුද්ධි ආකෘති, මේ වෙනුවෙන් යොදා ගන්න පුලුවන්.

මෙවැනි කුමන හෝ කෘත්‍රිම බුද්ධි ආකෘතියක් ඇසුරෙන් සකසනු ලබන ඖෂධයක ස්වරූපය අනුමාන කළ හැකි ඇල්ගොරිතම ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය පරිගණක පද්ධති සෑහෙන්නේ නැත. ඒ වෙනුවෙන් යොදා ගත යුත්තේ විශේෂ සුපිරි පරිගණකයි. Isambard-AI යනු එවැන්නක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...