Press ESC to close

Asus ROG STRIX GTX 1070 – 8GB Unboxing

1080p වගේම 4K Gaming වලටත් යන්න පුලුවන් දැනට Gaming Market එකේ උඩින්ම ඉන්න  NVIDIA Pascal architecture එක මත නිර්මාණය කරල තියෙන Asus Geforce GTX 1070 Graphics Card එක ගැනයි මේ Review එක.

Unboxing Package එක

Get Your Site Up with A2 Hosting

Asus GTX 1060 – 1070 – 1080 Card 3නම පිටින් බැලුවට හොයන්න බැහැ. මොකද මේ Card වල Shroud එකයි Fan setup එකයි එකම විදිහ. වෙනස් වෙන්නෙ නම සහ back plate එකේ එන RGB option විතරයි.

  • Asus ROG STRIX GTX 1070 card එක
  • Software/ Driver installation DVD එක
  • Quick setup guide එක
  • Battle Ships Game එකට premium 15 Day Account එකක්
  • Cable ties

Unboxing Video එකත් බලන්න

Features

Asusලගේ GTX 1070 – 8GB Graphics Card එක Nvidia reference design එකෙන් එහා ගිය දැන් තියෙන Games 1080p Very High settings වලින් ගහන්න පුලුවන් ඒ වගේම 4K Gaming කරන්නත් පුලුවන් Card එකක්. මේකෙ තියෙන Specifications ගත්තොත්

ArchitecturePascal
VRAM8GB GDDR5
CUDA Cores1920
Base Clock1657 MHz
Boost Clock1860 MHz
Memory Clock8008 MHz
Memory Bus256-bit
Power Consumption170 Watts

SLI – Asus Geforce GTX 1060 එක සහ GTX 1070 අතර තියෙන ප්‍රධාන වෙනස තමයි මේ Card එකේ SLI පහසුකම තියෙන එක. ඉතින් අවශය නම් මේ Card 2ක් SLI යටතේ Configure කරන්නත් පුලුවන්.

8GB Video RAM එකක් කියන්නෙ දැනට තියෙන හැම game එකකටම අවශ්‍ය වෙනවටත් වඩා දෙගුණයක විතර RAM එකක්. මේ VRAM එක වැදගත් වෙන්නෙ 4K Gaming වලට ගියොත් තමයි. මේ නිසා Multitasking, Multimedia, 4K වගේ දේවල් වලට මේ Card එක වගේම GTX 1060 එකත් recommend කරන්න පුලුවන්.

Asus ලටම විශේෂ වෙන Asus Fanconnect technology එකෙන් Casing එකේ Fans 2ක් Card එකට Connect කරල GPU එකේ උෂ්ණත්වය අනුව Control වෙන්න හදන්න පුලුවන්. මේක ලංකාව වගේ රස්නෙ රටකට ගොඩක් ගැලපෙනව මොකද Graphics card එක වගේම සම්පූර්ණ System එකම Cool එකේ තියෙන එක හොද performance output එකකට වැදගත් වෙන නිසා.

ඒ වගේම Asus Aura RGB lighting මේ Card එකේ තියෙනව. Asus Aura Sync software එකෙන් පාට මිලියන 16.8ක් වෙනකන් Control කරන්න පුලුවන්.

ඒ වගේම මේ Card එක Overclock profiles 2ක් එක්ක එනව.

Gaming – මේක තමයි සාමානයෙන් (default) තියෙන Profile එක. Multimedia, internet, Office වගේම Games ගහද්දි මේක පාවිච්චි කරන්න පුලුවන්.

OC – Gaming වලදි ලැබෙන performance මදියි නම් විතරක් මේ Mode එකට යන්න. හැබැයි දැනට තියෙන කිසිම Game එකකට මේක පාවිච්චි කරන්න ඕන වෙන්නෙ නැහැ.

තව අවුරුද්දක් දෙකක් ගිහින් මේ performance මදි උනොත් Card එක overclock කරන්නත් Asus GPU Tweak II Software එක හරහා ලේසියෙන්ම පුලුවන්.

Performance

Direct X 12 optimize කරපු pascal Architecture එකෙන් එන Asus STRIX GEFORCE GTX 1070 කියන්නෙ දැන් තියෙන modern game titles ඔක්කොම Very High/Ultra settings වලින් play කරන්න පුලුවන් card එකක්. ඒ වගේම ගොඩක් Games High – Medium settings වලින් 4K resolution එකෙන් ගහන්නත් පුලුවන්. ඉතින් 1080p gaming වලට නම් තව වැඩි ගානක් දීල මීට උඩ Card එකකට යන එක තේරුමක් නැහැ.

Outputs

DVI port එකක්, HDMI 2.0 port 2ක්, Display port (version 1.4) 2ක් තියෙන මේ කාඩ් එකේ Display Port වලින් 4k – 120 Hz සහ HDMI ports වලින් 4k-60Hz outputs ගන්න පුලුවන්. තාමත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ 1080p Screens නිසා gaming වලදි උපරිම performance ගන්න 1080p Setting එක හොදයි.

Power

8 Pin Power connector එකක් තියෙන කාඩ් එක ගන්න කලින් ඔයාගේ Power supply එකේ Extra 8-pin connector එකක් තියෙනවද කියල බලන්න. ඒ වගේම Overclock කරන්නත් පුලුවන් නිසා ඒ හැමදේටම හරියන්න 500w එහෙමත් නැත්නම් 550w power supply එකක් තියෙන එක හොදයි.

Experience එක සහ මිල

Asus GTX 1070 Card එකේ අලුත්ම මිලගණන් දැනගන්න Nanotek computer solutions price list එකට යන්න.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *