Home Games Mortal Kombat අළුත්ම Game එක Mortal Kombat 1
GamesTech News

Mortal Kombat අළුත්ම Game එක Mortal Kombat 1

Share
blank
Share

NetherRealm සහ WB Games වෙතින් නිකුත් කරන Mortal Kombat සීරිස් එකෙ නවතම ක්‍රීඩාව පිලිබදව විස්තර මීට දින කිහිපයකට පෙර එලිදැක්වූවා. එය Mortal Kombat 1 ලෙස නම්කර තිබෙනව. සංවර්ධකයන් පවසන ආකාරයට මෙහි නව fighting mechanics සහ නව game modes කිහිපයක් අඩංගු වෙනව. ඒවගේම මෙම සීරිස් එකෙ සිටි ජනප්‍රිය චරිත මෙම ක්‍රීඩාවේත් දැකගන්න ලැබෙනව.

මෙම ක්‍රීඩාව සැප්තැම්බර් 19 වනදින පරිගණක සදහාත් (Epic සහ Steam ඔස්සෙ) PS5, Switch සහ Xbox Series සදහාත් නිකුත් වෙනව. මෙහි Pre-order කරන පරිශීලකයන්ට release Date එකට පෙර, ඒ කියන්නෙ අගෝස්තු මාසයේදි මෙය ක්‍රීඩා කරන්න හැකිවෙනව.

මෙහි ඩොලර් 110 ක Premium Edition එක මිලදී ගන්නවා නම් ක්‍රීඩාවට early access (සැප්තැම්බර් 14) දින ලැබෙනව වගේම නළු ජීන් ක්ලෝඩ් වැන් ඩෑම්ට සමාන වන පරිදි සාදන ලද ජොනී කේජ් skin pack එකක් ලැබෙනව. ඒවගේම ඩොලර් 250 ක සංස්කරනය මිලදී ගන්න පරිශීලකයන් සදහා 16.5-inch Liu Kang sculpture, matching in-game skin, art prints සහ special case එකක් ලැබෙනව.

මෙය ලගකදී අවසන් වුනු Mortal Kombat 11 එකෙන් පසු සිදුවුනු සිදුවීම් මුල්කරගෙන නිර්මානය කර තිබෙනව. මෙම ක්‍රීඩාවේ Announcement Trailer එක පහත දක්වා තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...