Home Tech News ලෝකයේ වයස්ගතම Game Streamer
Tech News

ලෝකයේ වයස්ගතම Game Streamer

Share
blank
Share

Subscribersල ලක්ෂ 3කට වැඩි Channel එකක් තියෙන Youtube Streaming කරන ලෝකයේ වයස්ගතම කාන්තාව අපට හමුවෙන්නෙ ජපානයෙන්.

ලංකාවේ වයස අවුරුදු 75ට වැඩි අයගෙන් Gaming කියන දේ කරන්නෙ හෝ ඒ ගැන දන්නෙ කීප දෙනෙක් විතරයි. නමුත් වයස 90ක් මේ ආච්චි “Gamer Grandma ” කියන Youtube Channel එක හරහා හැමදාම සතුරන්ට එරෙහිව වෙඩි තියන්න, මායා ලෝකවල සැරිසරන්න සෑහෙන දක්ෂයි.

90 වියැති හමාකෝ මොරි එයාගෙ වයසෙ අනෙක් ආච්චිලා කරනව වගේ මැහුම් ගෙතුම් වැඩ කරනවට අමතරව දිනපතා එයාගෙ Youtube Channel එකේ game streaming වලටත් පැය 4ක් විතර වෙන් කරනව. ජපානයේ චිබා වල තමන්ගෙ පවුලත් එක්ක වාසය කරන මෝරි තමයි දැනට ලෝකයේ වයස්ගතම Game Streamer විදිහට ගිනස් වාර්ථා පොතට එකතුවෙන්නෙ.

තාමත් හොදට ඇවිදින්න පුළුවන් හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්න හමාකෝ ලස්සන ගවුම් වලින් සැරසිලා පෝනි ටේල් එකක් එහෙම දාගෙන හැමදාම තමන්ගෙ Game Stream එක පටන් ගන්නෙ හමාකෝ 1981 දි තමන්ගෙ පළමු Casette Vision COnsole එකත් එක්ක Gaming වලට ඇවිත්, එදා මෙදා තුල Games 200කට වැඩි ප්‍රමාණයක් Play කරමින් 2014දි තමන්ගෙ Gaming Channel එකත් පටන් අරන් ජීවිතය බොහොම සමබරව පවත්වගෙන ඇවිත් තියෙනව.

Super Mario brothers, Dragon Quest, Final Fantasy, Call of Duty, Grand Theft Auto වගේම Elder scrolls V – Skyrim වගේ Games මේ ආච්චිගෙ ප්‍රියතම Collection එකට ඇතුලත්.

ජීවිතයේ හුදකලා වෙන අවසාන කාලයෙ විනෝදයෙන් ගතකරන්න පුළුවන් දෙයක් විදිහට Games දකින මෝරි Gaming වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ තරුණියන් ගැනත් දැනුවත්. කොහොම වෙතත් දැන් මෝරි මග බලාගෙන ඉන්නෙ අළුත්ම Play Station 5 එක Release වෙනකම් කියලයි ආරංචි වෙන්නෙ.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • Nahina dehina kaley pin kamak vath kara ganna baruwa inna 1k gana Mata dukayi may acchi gana.mona karanna da mithya dushtika retaka ipadunama oya vagey avasanavsntha jivithayak thamayi laben ney.mama hari vasanawanthayi kiyala hithenawa bauddha agama thiyena kalyana mithra bikshunvahansey la inna rataka ipadila melowata vagey ma paralowata yam kisi pinak karaganna labima gana.mey acchi game vala thiyena vedi thiyana marana mathakayak anthima mohothey awoth apaye thamayi.kochara subscriber la hitiyath aya gey channel akay aya ta kochara salli thibath marena kota api aran yanney kala hoda ha naraka vitharayi.game kalayak gahanakota athi vena pavukara sithuvili vipaka denna gatthama thamayi theren ney. Athakota kavuruth naha thaman wa bera ganna.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...