Home Tech News Benz රථ වල Safety Issues
Tech News

Benz රථ වල Safety Issues

Share
blank
Share

පසුගිය දිනවල පළවූ වාර්තාවකට අනුව ඇමරිකාවේ Mercedes – Benz සමාගම තමන් විසින් නිකුත් කරන ලද මොටර් රථ මිලියන 1.29ක් ආපසු කැදවා තිවෙනවා. මීට හේතු වී ඇත්තේ ඔවුන්ගේ eCall – හදිසි ඇමතුම් පද්ධතිය, අනතුරක් සිදුවූ විට නිසි පරිදි ක්‍රියා නොකිරීමයි.

Car and driver වාර්තාවට අනුව මෙම බිදවැටීම , මෝටර් රථය අනතුරකට ලක්වූ අවස්ථාවක නිශ්චිත පිහිටීමක් පවා ලබා නොදෙන තත්ත්වයකට පත්විය
හැකි අතර මේ හේතුව නිසා ජීවිත හානි සිදුවීමේ යම් ප්‍රවනතාවක්ද පවතින බව දැක්වේ.

ඇමරිකාවේ ගමනාගමන පරිපාලන අධිකාරිය – National Highway Traffic Safety Administration (NHTSA) පවසන අන්දමට මෙම මෝටර් රථ 2016 – 2021 දක්වා කාල පරාසය තුල අළෙවි වූ ඒවා වේ. මෙම ලයිස්තුවට CLA-Class , GLA-Class , GLE-Class , GLS-Class, SLC-Class , A – Class , GT-Class, C-Class , E-Class , S-Class , CLS-Class , SL-Class , B-Class , GLB-Class , GLC-Class සහ G-Class යන මාදිලිවල මෝටර් රථ අඩංගු වේ.

Mercedes-Benz සමාගමට අනුව මෙම අඩාල වීම නිසා තවමත් කිසිදු දේපල හෝ පුද්ගල හානියක් සිදුවී නැහැ. මව් සමාගම මේ වන විටත් software updates සමග කටයුතු කරමින් සිටින අතර, නොමිලේ OTA (Over the Air – update) ලබාදීම සහ සහ ජාතයන්තර අළෙවි මධ්‍යස්ථාන ඔස්සේද යාවත්කාලීන කිරීම් සිදුකිරීමට සැලසුම් කරමින් සිටී. කෙසේ වෙතත් මෝටර් රථ නැවත ගෙන්වා ගැනීම (Call back) අප්‍රේල් 6 වනදා ආරම්භ වනු ඇති.

මෙම තත්වය ගැන අදහස් දක්වන Benz සමාගම පවසා සිටියේ වාහනය අනතුරකට පත්වූ විට ඇතිවන මෝටර් රථයේ සන්නිවේදන පද්ධතියේ බල සැපයුම තුල සිදුවන තාවකාලික ඇණහිටීම් , හදිසි අනතුරක් අතරතුර ලබාදෙන පිහිටීමේ වැරදි
ඇතිවීමට බලපාන බවයි. එහෙත් සාමාන්‍ය හෝ හදිසි ඇමතුම් සේවාවට ඉන් බලපෑමක් නොවන බවත් ඔවුන් පවසා සිටියා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...