Home Tech News Explained බොහෝ දෙනා නොදන්න Google Doodles?
ExplainedTech News

බොහෝ දෙනා නොදන්න Google Doodles?

Share
blank
Share

Google Search Engine මුල් පිටුවෙ ඇති Google Logo එක බොහෝවිට වෙනස් නොවුනත් සමහර විශේෂ දිනයන් වලදි එය වෙනස් කර තිබෙනු ඔබ දැක ඇති. ඒ සිත්ගන්නාසුලු ග්‍රැෆික් නිර්මාණ යොදා ගනිමින්. මේවා Google Doodle (ඩූඩ්ල්ස්) ලෙස හදුන්වනව.

මුලින්ම Google Doodle ඉදිරිපත් කර තිබෙන්නෙ 1998 වසරෙදි. ඒ ගූගල් සමාගමේ නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් යන දෙදෙනායි. එතැන් පටන් නොයෙක් අවස්තාවල ඩූඩ්ල් නිර්මානය වුනත් එකල නිර්මානය කල Doodle සාමාන්‍ය ග්‍රැෆික් නිර්මානයක් පමනක් වුනා. නමුත් දැන් doodle වල hyperlink එකක් අඩංගු වෙනව. එනම් එම doodle එක මත click කලවිට ඒ පිලිබද වැඩි විස්තර ඇති වෙබ් පිටුවකට අපව යොමු වෙනව.

අද දක්නට ලැබෙන ඩූඩ්ල් මුලින්ම නිර්මානය කිරීම ආරම්භ කලේ 2010 වසරෙදි පමන ඒ සදහාම යොදනු ලැබූ කන්ඩායමක්ද සමගයි. මෙම කන්ඩායමේ ප්‍රධානියා ලෙස එකල පත්වුනෙ රයන් ජර්මික් නම් වෙබ් අඩවි නිර්මාන විශේෂඥ‍යෙක් ලෙස google සමාගමේ සේවය කල අයෙක්වයි. මේ ආකාරයට ආරම්බ වුනු doodle තැනීම ක්‍රමයෙන් ජනප්‍රිය වූ නිසා google සමාගම වෙනම කාර්යාලයක් මේ සදහා වෙන්කර තිබෙනව. එහි චිත්‍ර ශිල්පීන්, නිශ්පාදකයන් සහ ඉංජිනේරුවරුන් මේ සදහා වැඩ කරනව.

රට රටවල ජාතික දින, වැදගත් උත්සව, ඓතිහාසික සිදුවීම් සහ වෙනත් ලෝකයාගෙ අවධානය දිනාගත් දේ පදනම් කරගෙන Google යන වචනය පෙනෙන සේ google doodles නිර්මානය කරනව. එනම් මෙහිදී Google යන අකුරු පෙල යම් මාතෘකාවකට උචිත වෙන ආකාරයට හැඩ ගන්වනු ලබනව.

සාමාන්‍යයෙන් අවුරුද්දකට Google Doodles 400 පමන ප්‍රසිද්ධ කරනව. ඉන් 50ත් 100ත් අතර ප්‍රමානයක් Animated (සජීවිකරණය කරන ලද) ඒවායි. ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඉවත් කරන ඩූඩ්ල් සියල්ල https://www.google.com/doodles මෙම වෙබ් අඩවියේ රැස් කෙරේ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...