Home Tech News Explained Mega-byte Giga-byte ගැන දැනගමු
Explained

Mega-byte Giga-byte ගැන දැනගමු

Share
blank
Share

Computers, Smart phones පාවිච්චි කරන අපිට ඇහෙන වචන අතර මෙගා බයිට් ගිගාබයිට් කියන වචන සෙට් එක එපා වෙනකම් ඇහිල ඇති. ඉතින් මේකෙ තේරුම සමහරු දන්නව උනාට නොදන්න අයටත් ඒ ගැන තේරෙන සිංහලෙන්ම කියල දෙන්න හිතුව.

Computer එහෙමත් නැත්නම් electronic ලෝකයෙ තියෙන උපාංග වලට තේරෙන එකම භාෂාව තමයි current එක තියෙන සහ නැති කියන අවස්තා දෙක. මෙන්න මේ on සහ off කියන states දෙක පාවිච්චි කරල තමයි අපි පාවිච්චි කරන Computers / smart phones/ calculators වැඩ කරන්නෙ. මේ විදිහට අවස්ථා (states) දෙකක් පාව්ච්චි කරල data represent කරන එකට කියන්නෙ Binary system කියල.‍

මේ විදිහට on සහ off කියන ක්‍රමයෙන් දක්වන්න පුලුවන් අකුරු 2ක් විතරයි. ඒ නිසා මේ වගේ on off අවස්ථා 8ක් අරගෙන අකුරු ඉලක්කම් නියෝජනය කරන ක්‍රමයක් ලෝකය සම්මත කරගත්ත. මේ විදිහට bit 8කින් අකුරු ඉලක්කම් 256ක් වෙනකම් නියෝජනය කරන්න පුලුවන්.

Electronic circuit එකක current එක on හරි off හරි විදිහට දැක්වීම bit – 1ක්  විදිහටයි ගැනෙන්නෙ. මේ මත පදනම් වෙලා පහල දැක්වෙන විදිහට Data store කරන සම්මත units හදාගෙන තියෙනව.

8 bits1 byte
1024 bytes1 Kb
1024 Kb1 MB
1024 MB1GB
1024 GB1TB

මේ ගැන තවත් තේරුම් ගන්න මේ Video එක බලන්න. ඒ වගේම මේ වගේ පරිගණක සම්බන්ධ තවත් පැහැදිලි කිරීම් ගැන දැනගන්න ඕන නම් ඒ ගැන කියල comment එකක් දාන්න. අපි ඒ ගැනත් පැහැදිලි කරන්න සූදානම්.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

මොනවද මේ පීරමීඩ යෝජනා ක්‍රම කියන්නෙ?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දිනවල “අහෝ දුකකි පිරමීඩ උගුලකි” කියල...

සිතුවිලි තරංග මගින් පාස්වර්ඩ් යෙදිය හැකි ක්‍රමය

යතුරු පුවරුවකින් ටයිප් කර පාස්වර්ඩ් යොදනවාට වඩා පාස්වර්ඩ් එක සිතෙන් සිතා යෙදිය...

බාල මහලු කාගේත් සිත් සනසන අන්තර්ජාලය

අන්තර්ජාලයට සම්බන්ධ වැඩ කිරීම නිසා ලැබෙන අපූරු හැකියාවන් ගැන පර්යේශකයෝ තොරතුරු එළි...

Windows වලට අළුතින් හදන intel Chips

Ai Applications වැඩි වශයෙන් එක් කර නවීන මෙහෙයුම් පද්ධතියක් සේ Windows 12...