Home Tech News cyber security Windows Logo  එකේ සැගවී එන Malware
cyber security

Windows Logo  එකේ සැගවී එන Malware

Share
blank
Share

මැද පෙරදිග රජයන් ඉලක්ක කර ගනිමින් Malware එකක් බෙදා හරින හැකර්වරුන් කණ්ඩායමක් පිලිබද වාර්තා වේ.Witchetty නමින් හදුන්වන මෙම හැකර් කණ්ඩායම විසින් ඔවුන්ගේ Malware එක බෙදා හැරීම සදහා භාවිත කර ඇත්තේ පැරණි Windows logo එක සහිත Photo එකකි. මෙම හැකර් කණ්ඩායම ප්‍රථම වරට 2022 අප්‍රේල් මාසයේදී ESET විසින් සොයා ගන්නා ලදී.

මෙවර ඔවුන් ඔවුන්ගේ Malware එක Anti virus software මගහරවා යෑමට Steganography නම් ක්‍රමවේදයක් භාවිත කර ඇත. Steganography යනු Photos, Audio files වැනි මාධ්‍ය තුල Malicious codes වැනි දෑ සගවා තැබීමට හැකර්ස්ලා විසින් භාවිත කරන ක්‍රමවේදයකි. Bitmap ආකාරයේ  extension එකකින් යුක්ත වන පැරණි  Windows logo එක සහිත මෙම Photo එක තුලට Witchetty විසින් ඉතා සූක්ශම ලෙස Steganography ක්‍රමවේදය භාවිත කරමින් ඔවුන්ගේ  Malware එක සගවා ඇත.

ඉන්පසු ඔවුන් එම Photo එක GitHub හි host කර තිබේ. කෙසේ වෙතත් Symantec වාර්තා කර ඇත්තේ මෙම Malware එක දැනටමත් මැද පෙරදිග රාජ්‍ය ආයතන දෙකක හා අප්‍රිකාවේ Stock market එකක භාවිතා කර ඇති බවයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

Phone එකට Extra Security එකක්

Smartphone එකක් කියන්නෙ අපේ සන්නිවේදනය කියන මූූූූලික අවශ්‍යතාවයෙන් එහාට ගොඩක් දේවල් කරන්න...

Microsoft SharePoint හි Hack කිරීමක් !

SharePoint යනු Microsoft විසින් Develop කරන ලද ව්‍යවසාය අන්තර්ගත කළමනාකරණ සහ දැනුම...

රුසියානු Cyber Attack වලට ලක්වුනු යුක්‍රේනය

යුක්‍රේනයත් රුසියාවත් අතර පවතින ගොඩබිම් යුද්ධයට වඩා සයිබර් යුද්ධය බලගතුයි. ඉන් හොඳටම...

Airdrop මගින් පෞද්ගලික තොරතුරු ලබාගත හැකිබව සොයාගනී

චීන රජය විසින් සිදුකල පරීක්ෂණයකින් ඔවුන්ට Apple AirDrop මගින් සිදුකරන හුවමාරු කිරීම්...