Home Tech News සිතුවිලි තරංගවලින් වැඩ ගත හැකි මයින්ඩ්වේව් මොබයිල්
Tech News

සිතුවිලි තරංගවලින් වැඩ ගත හැකි මයින්ඩ්වේව් මොබයිල්

Share
blank
Share

මොළයෙන් උපදින සිතුම් පැතුම්, මොළයත් පරිගණකයත් අතර බිහි කොට තිබෙන සබැඳියාවක උදව්වෙන් ප්‍රයෝජනවත් පණිවුඩ බවට හැරවිය හැකි බව දැන් සනාථවී හමාරය. පසුගිය 2024 පෙබරවාරි මස 11 වැනිදා ඇමෙරිකාවේ නියුරෝස්කයි සමාගම, යමෙක් කල්පනා කරන විට මොළයේ උපදින විද්‍යුත් තරංග රටාව හෙවත් ඊඊජී (EEG – electroencepha logram) සටහනකින් පෙන්වන තරංග රටාව උකහාගත හැකි නවීන උපාංගයක් වෙළෙඳ පොළට නිකුත් කලා.

බ්ලූටූත් හෙඩ්සෙට් එකක් වෙන මෙය, මයිඩ්වේව් මොබයිල් ලෙස නම් කර තිබෙනවා. එනම්, මෙම හිස් පළඳනාව පැළැඳ, කල්පනා කරන විට උපදින තරංග රටාව, (brainwave) ළඟපාත ඇති පරිගණකයක් වෙත බ්ලූටූත් ක්‍රමයෙන් සන්නිවේදනය කළ හැක.

මෙම උපාංගයෙන් උකහා ගන්නා, මොළයේ උපදින විද්‍යුත් තරංග භාවිතා කර නොයෙක් ප්‍රයෝජන ගත හැකි බව නියුරෝස්කයි සමාගම පෙන්වාදී තිබෙනවා. මෙම සමාගමෙන් හඳුන්වාදී ඇති ජාවා මෘදුකාංග සංවර්ධන කට්ටලයක් හෙවත් ජාවා SDK එකක් (SDK – Software Development Kit) උපයෝගී කර ගෙන ඇප්ස් තනන්න පුලුවන්.

Think Gear Connector නම් මෙම ඩිවලොපර් කිට් එක යොදා ගෙන කේත ලිවිය යුත්තේ මයින්ඩ්වේව් උපාංගයෙන් ලබා ගන්නා තොරතුරු ප්‍රයෝජනවත් වැඩකට යොදා ගත හැකි සේය. එනම් මෙහිදී කරන්නේ, චිත්ත තරංග භෞතික වශයෙන් භාවිතා කළ හැකි උපායක් සකසා ගැනීමට කේත ලිවීමයි. සිතෙහි නිස්කලංක බව මනින ඇප් එක එක් නිදසුනක්. භාවනායෝගීව හෝ සිත සැහැල්ලු කර ගෙන හෝ සිටින විට මොළයේ ක්‍රියාකාරිත්වය එම ඇප් එකෙන් විශ්ලේෂණය කර පෙන්වන නිසා තම වැඩ ගැන තක්සේරුවක් ලබා ගන්නට ඇප් එක භාවිතා කරන්නාට පුළුවන්.

මේ අයුරින් වීඩියෝ ක්‍රීඩා කරන විට, සංකීර්ණ වැඩ වෙනුවෙන් සහ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් කල්පනා කරන විට මෙන්ම ශරීර සුවතා කටයුතු කරන විට පවා මොළයේ ක්‍රියාකාරිත්වය හොඳ මට්ටමක තිබේදැයි දැන ගැනීම පිණිස තැනූ ඇප්ස් සිය ගණනක් දැනටමත් තිබෙනවා. මෙයට කලින්, නියුරෝස්කයි හෙඩ්සෙට් භාවිතා කරමින් පර්යේෂණ කළ ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජොන් චු අං ඇතුළු පර්යේෂක පිරිස විසින් පාස්වර්ඩ් යෙදීමට භාවිතා කළ හැකි අලුත් ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා. මෙහිදී පාස්වර්ඩ් වශයෙන් යොදන්නේ ඉලක්කම් අකුරු මිශ්‍රිත වචනය නොව සිතිවිලි තරංගයක්.

මෙම පර්යේෂණය සඳහා කැමති කරවා ගත් අයට මුලින්ම නියුරෝස්කයි හිස් පළඳනාව පැළැදිය. ඉන් පසුව හුස්ම ඉහළ පහළ ගනිමින් ඒ ගැන සිතන්නට කියා ඔවුන්ට කියා තිබේ. එහි තරංග රටාව විමසීය. දැන් රහසින් යමක් සිතන්නට කීවේය. එවිට උපදින තරංග රටාවද විමසා බැලීය. මේ සියල්ල එකිනෙකට වෙනස් බව පෙනුණා. විශේෂයෙන්ම අවධානය යොමු කළේ රහසින් සිතූ වචනය ගැනයි. ඒ වචනයම අන් අයටත් සිතන්නට කීවේය. එහෙත් එවිට උපදින තරංග රටාවද එකිනෙකට වෙනස් වුණි. මෙයින් පෙනී ගියේ කුමක්ද? එකිනෙකාගේ මොළයෙන් උපදින තරංග රටාව එකිනෙකට වෙනස් බවයි. එසේම එකම වචනය වුවත්, දෙදෙනෙක් සිතන විට මොළයෙන් උපදින තරංග රටාව එකිනෙකට වෙනස් බවය. එනිසා මෙම සිතුවිලි තරංග, පාස්වර්ඩ් එකක් සේ යොදා ගත හැක. එවිට එය පාස්තොට්ස් (Passthoughts) ලෙස හඳුන්වයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...