Home Games MAFIA Definitive Edition Story
GamesTech News

MAFIA Definitive Edition Story

Share
Share

30 දශකය යනු ඇමරිකාව Mafia කල්ලි විසින් පාලනය කළ දශකයක් ලෙස කිවහොත් නිවැරදිය. Story එක ආරම්භ වන්නේ 1930 වසරේදීය. මෙකල ඇමරිකාවේ Prohibition නම් නීතිය ක්‍රියාත්මක විය. එනම් මත්පැන් නිෂ්පාදනය , ආනයනය , ප්‍රවාහනය හා විකිණීම තහනම් විය. 1920 –  1933 කාලයේ පැවති මෙම Prohibition නීතිය නොසලකා විවිධ Mafia කල්ලි රජයට හොරෙන් මත්පැන් ජාවාරම්වල නිරත වෙමින් ‌‌‌බොහෝ ලාභ ඉපයූහ.

Missions 20කින් සමන්විත මෙම ක්‍රීඩාවේදී අපට අපගේ කථා නායකයා වන Tommy Angelo පොලිස් නිලධාරියෙකු සමග තම අතීත මතක ආවර්ජනය කරනු දැකිය හැකිය. එනම්  flashbacks ලෙස මෙම missions 20 ක්‍රීඩා කිරීමට ඇත.

Story එක ආරම්භ වන්නේ මෙසේය (no spoilers) ……….

එදින 1930 වසරේ එක්තරා රාත්‍රියක් විය. වෘත්තියෙන්  taxi driver කෙනෙකු වන අපේ කථා නායකයා  Tommy Angeloගේ නෙත ගැටෙන්නේ ඔහු දෙසට කලබලයෙන් දුවගෙන එන Paulie හා Samය. ඹවුන් නගරයේ ප්‍රධාන Mafia කල්ලි 2න් 1ක් වූ Salieriගේ කල්ලියේ සාමාජිකයන් විය. ඔවුන්ගේ අණ පරිදි පරිදි ඔවුන් පසුපස ලුහුබඳිමින් සිටි enemy කල්ලිය වන Morello  කල්ලියෙන් ඔවුන්ව Tommy විසින් ආරක්ෂිතව Salieriගේ අවන්හල අසලට ගෙනයන ලදී.

මෙම උපකාරය ගැන පැහැදීමට පත් Salieri විසින් Tommyට ඔීනෑම අවස්ථාවක ඔීනෑම උදව්වක් ඉල්ලන ලෙස පවසා ඔහුට මුදල් දී නික්ම යයි. පසු දින Tommyට මුහුණදීමට සිදුවන්නේ විශාල කරදරයකටය. ඔහුව සොයා ආ Morello  කල්ලියේ සාමාජිකයන් ඔහුට පහරදෙන අතර ඔහුගේ රථයටද අලාභ හානි සිදුකරයි. දාමරිකයන්ගෙන් බේරී පලායන Tommy ආරක්ෂාව පතා නවතින්නේ Salieri ළඟය. කලින් කළ උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙස Tommyට ආරක්ෂාව සලසන Salieri , ඔහුට එම කල්ලියට join වන ලෙස ආරාධනා කරයි. Taxi driver කෙනෙකු වී බියෙන් ජීවත් වනවාට වඩා ආරක්ෂාවක් යටතේ ජීවත්වීම තෝරාගත් ඔහු ඊට එකඟවෙයි.

මින්පසු කුමක් සිදුවේවිද? Tommyගේ අනාගතය කෙසේ වෙයිද? ඔහුට අත්වන ඉරණම කුමක්ද? Morello කල්ලියට කුමක් වෙයිද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ක්‍රීඩකයා වන ඔබට භාරය. 2002 වසරේ නිකුත් වූ Mafia ක්‍රීඩාවේ remake එකක් ලෙස 2020 වසරේ release වූ Mafia Definitive Edition, graphics අතින් පොහොසත්ය. සිත් ගන්නා සුළු පරිසරය මෙන්ම කුතුහලය දනවන missions මෙහි සාර්ථකත්වයට හේතු වී ඇත.

සමස්ථයක් ලෙස ගත්කළ ඉතා හොඳ  ක්‍රීඩාවක් වන මෙමගින් 30 දශකයේ Chicago නගරය ආශ්‍රිත ජන සමාජය පිළිබඳවද අවබෝධයක් ලබාගත හැකිය. සියලු gamersලා  විසින් ක්‍රීඩා කළයුතුම ක්‍රීඩාවක් වන මෙහි minimum හා recommended requirements පහතින් සඳහන් කරමි.

System Requirements

SystemMinimumRecommended
CPUIntel Core i5-2550K 3.4GHz / AMD FX-8120Intel Core i7-3770 3.4GHz / AMD FX- 8350
GPUNVIDIA GeForce GTX 660/ AMD Radeon HD 7870NVIDIA GeForce GTX 1080 / AMD Radeon RX 5700
VRAM2GB4GB
RAM6GB16GB
Storage50GB50GB
OSWindows 10 (64 bit)Windows 10 (64 bit)
Share
Written by
Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

එන්න නියමිත සුපිරිම Horror Game එක

ILL යනු Team Clout නම් small studio එකක් විසින් නිර්මාණය කරන ලද...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...