
Samsung Galaxy S25 Ultra දුරකථනය, නවතම විශේෂාංග රැසක් සමඟ flagship Smart phone වෙළඳපොලේ විප්ලවයක් ඇති කිරීමට සූදානම් වෙනවා. 2025 ජනවාරි 22 වන දින පැවැත්වෙන Samsung Unpacked Event එකේදී මේ දුරකථනය එලිදැක්වීමට නියමිතයි.
Galaxy S25 දුරකථනය, ඉහළම Performance එකක් සහ Efficiency එකක් ඇති නවතම Snapdragon 8 Elite chipset එකෙන් බල ගැන්වෙනු ඇති. මෙහි, 3000 nits ක උපරිම ප්‍රබලතාවයක් සහිත අඟල් 6.8 Dynamic LTPO AMOLED 2X තිරයක් අන්තර්ගතවේ. මීට අමතරව, Galaxy S25 දුරකථනය, විශිෂ්ට ඡායාරූප ගුණාත්මකතාවක් සමඟව 200MP කැමරාවක් ප්‍රධාන කැමරාව ලෙස ද එක් කර ඇත.
Personalized summaries සහ travel planning ඇතුළු AI විශේෂාංග ද සමඟින්, Galaxy S25 දුරකථනය, productivity සහ entertainment වැනි ක්ෂේත්‍ර මූලික කරගෙන නිර්මාණය කර ඇත. මෙම Samsung Galaxy S25 දුරකථනය, නවීන දෘඩාංග සහ බුද්ධිමත් AI විශේෂාංග ද එක් කරමින්, අසමසම පරිශීලක අත්දැකීමක් ලබා දීමට නියමිතයි.
Leave a Reply