Home Tech News අපේ ලැප්ටොප්, දුරකථන හැඩ කරන්න සැරසෙන E-Ink Technology
Tech News

අපේ ලැප්ටොප්, දුරකථන හැඩ කරන්න සැරසෙන E-Ink Technology

Share
blank
Share

E-ink කියන්නේ නව තාක්‍ෂණයක් නෙවෙයි. E-ink තාක්ෂනය හොයාගෙන තියෙන්නේ 1996 වසරේ. E -ink, “electronic ink” වගේම “electronic paper” කියන නම් වලිනුත් හැදින්වෙනවා. මේක අඩු බල පරිභෝජනයක් සහ කඩදාසි මත ඇති තීන්තවලට පෙනුමින් සමානකම් තියෙන ප්‍රසිද්ධ දර්ශන තාක්‍ෂණයක්. E-ink තාක්ෂනය E-readers, Digital signage, Smartwatches, Mobile phones හා Electronic shelf labels වගේ උපකරණ වල පාවිච්චි වෙනවා. මේ වෙනකොට ඇතැම් සමාගම් විසින් මේ E-ink තාක්ෂනය එයාලගේ Laptop සහ Smart phones වල පිටත අලංකරණයට පාවිච්චි කරන්න සුදානම් වෙනවා. එතකොට අපිට පුළුවන් අපේ Phone එකේ Laptop එකේ පිට පැත්ත අපිට කැමති විදිහකට ලස්සන කරගන්න.

Lenovo ThinkBook 13x Gen 4 SPE සංකල්ප ලැප්ටොප් පරිගණකය ඒ වගේ එක උදාහරණයක්, E-Ink Prism තාක්ෂණය භාවිතයෙන් ඔයාට පින්තූර විතරක් නෙවෙයි Animations උනත් එක් කරන්න පුළුවන්වෙයි . මේ තාක්ෂනය නිසා ඉස්සර වගේ අපේ Laptops සහ Phones ලස්සන කරගන්න stickers පාවිච්චි කරන්න ඕන වෙන්නෙත් නැහැ. චීන උපාංග සමාගමක් වන Infinix ද මේ තාක්ෂණයම භාවිතා කරලා කිසිදු අමතර බලයක් පරිභෝජනය කරන්නේ නැතුව ඒවායේ වර්ණ වෙනස් කිරීමට සහ නඩත්තු කිරීමට හැකි සංකල්ප ස්මාර්ට්ෆෝන් ආවරණ නිෂ්පාදනය කරලා තියෙනවා . Lenovo සහ Infinix හි උදාහරණ දෙකම තාම සංකල්ප අදියරේ තමයි තියෙන්නේ , මේ අවුරුද්දේ මේ තාක්ෂනය එක්ක අලුත් Device එකක් consumer market එකට එයිද කියලා බලන් ඉමු.

Share

Leave a comment

Leave a Reply

Related Articles

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...

Tesla අභිබවා ඉදිරියට පැමිණි BYD

විදුලි වාහන (EV) ක්ෂේත්‍රයේ දිගු කලක් මුල්තැන අරන් හිටපු Tesla සමාගමේ 2025...