Home Tech News Ai අභ්‍යවකාශ යානා වල බාවිතා කරන වොයිස් ඇසිස්ටන්ට් වැඩසටහන්
AiExplainedTech News

අභ්‍යවකාශ යානා වල බාවිතා කරන වොයිස් ඇසිස්ටන්ට් වැඩසටහන්

Share
blank
Share

ආටෙමෙස් යනු, මිනිස්සු සඳ වෙත යවා නැවත නිරුපද්‍රිතව පොළොවට ගෙන්වා ගැනීම වෙනුවෙන් නාසා ආයතනය දියත් කර තිබෙන අභ්‍යාවකාශ ව්‍යාපෘතියයි. ඕරියන් යනු සඳ වෙත මිනිස්සු ගෙන යන යානයයි. මෙම යානයේ සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඇමේසන් ඇලෙක්සා වොයිස් ඇසිස්ටන්ට් වැඩසටහන මෙන්ම සිස්කෝ වෙබෙක්ස් වීඩියෝ කොන්ෆරන්සිං වැඩසටහන යොදා ගන්නව. ගගනගාමීන් හා පොළොවේ පාලක මධ්‍යස්ථානය අතර සන්නිවේදනයට මෙන්ම යානය තුළ සිටින ගගනගාමීන්ගේ වැඩ කටයුතු පහසු කිරීමට එය හේතුවෙයි.

කෘත්‍රිම බුද්ධි වැඩසටහනක වෙන ඇලෙක්සා වොයිස් ඇසිස්ටන්ට් වැඩසටහන යොදා ගෙන බොහෝ වැඩ කර ගන්නට පුළුවන්. මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙන උපකරණයක් ඔස්සේ කට හඬින් ප්‍රශ්න අසා ඒවාට කට හඬින්ම පිළිතුරු ලබා ගන්න පුලුවන්. මිනිස් බසකින් අසන ප්‍රශ්න තේරුම් ගන්නා මෙම වැඩසටහන, ඊට අදාළ පිළිතුරු අන්තර්ජාලය ඔස්සේ පීරා බලා සොයා, මිනිස් කට හඬින් නිවේදනය කරනව. මෙම මූලික කටයුත්තට අමතරව, ඉල්ලන ගීත සොයා වාදනය කරවීම, කාලගුණ අනාවැකි සහ මාර්ග තදබදය පිළිබඳ තොරතුරු දැන්වීම මෙන්ම කට හඬින් විධානදී ගෙදර දොර ස්මාට් උපකරණ පාලනය කිරීමත් කරන්න පුලුවන්.

ඕරියන් යානයේදී ගගනගාමීන්ට ගැළපෙන සේ මෙම වැඩසටහනේ ක්‍රියාකාරිත්වය වෙනස් කර විශේෂ සංස්කරණයක් සකසා ගෙන තිබෙනව. එමඟින් යානයේ පරිගණක පද්ධතිය හා සම්බන්ධ වී, ගගනගාමීන් අසන ප්‍රශ්නවලට ඉක්මණින් පිළිතුරු සොයා දෙනව. එසේම ඔවුනගේ දෛනික අත්‍යවශ්‍ය වැඩ කටයුතු මඟ නොහැරී කරනු පිණිස, ඒවා නියම වේලාවේදී මතක් කර දෙනව.

ඕරියන් යානයේදී යොදා ගැනෙන්නේ සිස්කෝ වෙබෙක්ස් වැඩසටහනේද විශේෂ සංස්කරණයක්. ගගනගාමීන් අතර සන්නිවේදන කටයුතු මෙන්ම පොළොවේ පාලක මධ්‍යස්ථානය හා සන්නිවේදනය කිරීම එමඟින් පහසු කරනව. එනම් මෙහිදී වෙබෙක්ස් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ නොව, රේඩියෝ සන්නිවේදන පද්ධතියක් ඔස්සේයි.

ඇලෙක්සා වැඩසටහනත්, වෙබෙක්ස් වැඩසටහනත් එක්ව ගෙන ඕරියන් යානයේදී යොදා ගැනීමට විශේෂයෙන් සකසා ඇති තාක්ෂණික යෙදවුම කැලිස්ටෝ ලෙස නම් කර තිබෙනව. එනම් මෙම කැලිස්ටෝ වැඩසටහන මිනිස් යන්ත්‍ර අතුරුමුහුණතක්. මිනිසා එක් අන්තයක සිට හැසිරෙන ආකාරයට අනුරූපව යන්ත්‍රය හැසිරීම, මිනිස් යන්ත්‍ර අතුරුමුහුණතේ ස්වරූපයයි.

මුලින්ම මිනිසා සඳ චෙත ගෙන ගිය 1969 ජූලි 20 වැනිදායින් පසු 55 වසරක් පිරෙන 2024දී නැවතත් ඇමෙරිකානුවන් සඳ වෙත යැවීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනව. එහෙත් දැන් ඒ දිනය 2025ට කල් දමා තිබේ. මෙසේ මුලින්ම සඳ වෙත මිනිස්සු යැවූ ඇපොලෝ වැඩසටහනේදී ඇපලෝ ගයඩන්ස් නම් විශේෂ පරිගණකය, ඇපොලෝ ගගනගාමීන් තුන් දෙනා සිටි කොලොම්බියා මොඩියුලයේත්, නීල් ආම්ස්ට්‍රෝ සඳ මතට ගෙන ගිය ඊගල් ලූනා මොඩියුලයේත් සවි කර තිබුන. එය එදා ලොව තිබූ හොඳම පරිගණකයක්. එලෙසම ඊට අඩ සියවසකට පසුව නිමවන ඕරියන් සඳ යානය හෙවත් කෲ කැප්සූලයද, නූතනම තාක්ෂණික උපාංග සහ හැකියා යොදා නිර්මාණය කරනව. ඒ වෙනුවෙන් යොදා ගැනෙන්නේ, අද ලොව මිනිසා සතු ඉහළම තාක්ෂණික දැනුමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...