Home Tech News Explained නව බ්ලොක්චේන් තාක්ශනයෙන් පණගැන්වෙන DeckWiki
ExplainedInternetTech News

නව බ්ලොක්චේන් තාක්ශනයෙන් පණගැන්වෙන DeckWiki

Share
blank
Share

සියලු භාෂා අතින් ගත් විට දැන් ලොව තිබෙන විශාලතම ඔන්ලයින් විශ්වකෝෂය, Wikipedia විශ්ව කෝෂයයි. අද ලොව තිබෙන විශාලතම ඉංග්‍රීසි මාධ්‍යය ඔන්ලයින් විශ්වකෝෂය, Everipedia විශ්වකෝෂයයි. මෙම විශ්වකෝෂ මෙන්ම එම තාක්ෂණය භාවිතා කරමින් ක්‍රියාත්මක කෙරෙන වෙනත් විකිපන්නයේ සේවා වෙනුවෙන් යොදාගත හැකි, Blockchain පාදක අලුත් තාක්ෂණයක් චීනයේ පර්යේෂකයින් විසින් සොයා ගෙන තිබෙනව.

චීනයේ ෂැංහයි නුවර Fudan විශ්ව විද්‍යාලයේ Shan Sun සහ Chao Lu ඇතුළු පර්යේෂක පිරිස තමයි මෙහි පර්යේෂකයින් වෙන්නෙ. මෙම පර්යේෂණ වාර්තාව, විද්‍යාත්මක පර්යේෂණ පළ කරන ලොව ප්‍රකටම වෙබ් අඩවියක් වෙන ScienceDirect වෙබ් අඩවියෙහි දැන් පළ කර තිබෙනව.

ඔවුන් සොයාගත් තාක්ෂණය, ඩෙක්විකි (DeckWiki) ලෙස හඳුන්වා දී තිබෙනව. ස්වයංක්‍රීයව විවිධ පාර්ශවවලින් තොරතුරු ලබා ගැනීමටත්, එම තොරතුරු වල නිරවද්‍යතාව සහතික කිරීමට පමණක් නොව මෙම තොරතුරු දත්ත ගබඩා පාලනය කිරීමටත් ඩෙක්විකි තාක්ෂණය සමත් වෙනව.

පිවිසෙන්නෙක්ට සංස්කරණය කළ හැකි වෙබ් අඩවි (user-editable website) විකි ලෙස හඳුන්වනව. විකි (wiki) ක්‍රියාත්මක වෙන්නේ 1994දී Ward Cunningham නම් ඇමෙරිකානු ක්‍රමලේඛ ශිල්පියා විසින් සකසනු ලැබූ වැඩසටහනකින්. හවායි වාසීන්ගේ භාෂාවට අනුව විකි’ යනු ‘ ඉක්මන්’ යන තේරුම දෙන වචනයයි.

බ්ලොක් එකක් යනු යම් පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ රැස්වෙන තොරතුරක්. ඊට කලින් නිර්මාණය වූ බ්ලොක් එක සමඟ සහ ඉන්පසුව නිර්මාණය වෙන බ්ලොක් එක සමඟ සම්බන්ධවීම පිණිස, සෑම බ්ලොක් එකකම නිශ්චිත සම්බන්ධක දත්ත තිබෙනව. එසේම එම බ්ලොක් එක නිර්මාණය කළ වේලාව, නිර්මාණය කළ ආකාරය යන විස්තර ද තිබෙනව. මෙහි විස්තර කිසිම තාක්ෂණයක් යොදා නැවත වෙනස් කරන්න බැහැ. මෙසේ නිරන්තරයෙන් රැස් වෙන බ්ලොක් සමුහය ගැන විස්තර ඇති ලැයිස්තුව බ්ලොක්චේන් (blockchain) එකක් ලෙස හදුන්වනව.

එනම් Blockchain එකක් යනු පරිගණකයෙන් කළ යම් ක්‍රියාවක සියලු විස්තර සහිත රෙජිස්ට්‍රියක්. ලොව ප්‍රකට Bitcoin වැනි ක්‍රිප්ටො කරන්සි මුදල් හුවමාරුව සම්පුර්ණයෙන්ම පදනම්ව ඇත්තේ මෙම බ්ලොක්චේන් ක්‍රමය මතයි.

Wikipedia හෝ Everipedia හෝ වෙනත් විකි ක්‍රමයට ක්‍රියාත්මක වෙබ් අඩවියක, යම් මාතෘකාවක් යටතේ ඇති තොරතුරු සියල්ලට මෙසේ බ්ලොක්චේන් නිර්මාණය වූ විට එම තොරතුරු හිතු මතයට කිසිවෙක්ට වෙනස් කරන්න බැහැ. විකෘති කරන්නත් බැහැ. මන්ද එය කරන්නා ගැන තොරතුරු මැකී නොගොස් ඉතිහාසගත වෙන නිසා. එවිට එම විකි වෙබ් අඩවිවලට නිරවද්‍යතාව මෙන්ම වගවීමද ඇතිව දියුණු වෙන්නට පුළුවන්. ඒ වෙනුවෙන් දැන් කරන්නාක් සේ නීති පනවන්න අවශ්‍ය නැහැ.

අනෙක් අතට අද Wikipedia විශ්වකෝෂය මෙන්ම Everipedia විශ්වකෝෂයත් ලොව රටවල් ගණනාවකදී තහනම් කොට තිබෙනව. චීනයේදී එහි දත්ත පෙරා හැරිමකට ලක් කරනව. එසේම ඒ රටවල අයට විකිපීඩියාව සංස්කරණය කර එයට අලුත් තොරතුරු එක් කරන්න බැහැ. බ්ලොක්චේන් තාක්ෂණය යෙදූ විට මෙම බාධාව මඟ හැරෙනව. ඒ තොරතුරු රදවා ඇති බ්ලොක්චේන්වලට බාධා යෙදිය නොහැකි නිසා.

ඔන්ලයින් විශ්වකෝෂ අතරින් එව්රිපීඩිය විශ්වකෝෂය, 2018 පටන්ම බ්ලොක්වෙන් තාක්ෂණය භාවිතා කරනව. එහෙත් විකිපීඩියා විශ්වකෝෂය, එය භාවිතා කරන්නේදැයි ස්ථිරව කියා නැහැ. චීන පර්යේෂකයින්ගේ අදහස, මේ සෑම දෙනාටම ඩෙක්විකි තාක්ෂණය ඇසුරෙන් තම යෙඳුම් දියුණු කර ගත හැකි බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...