Home Tech News ලොව වේගවත්ම ක්වන්ටම් චිප් එක චීනයෙන්
Tech News

ලොව වේගවත්ම ක්වන්ටම් චිප් එක චීනයෙන්

Share
blank
Share

චීන විද්‍යාඥයින් විසින් ඉතා බලසම්පන්න ක්වන්ටම් පරිගණක චිපයක් නිර්මානය කර තිබෙනවා. දැන් තිබෙන වේගවත්ම ක්වන්ටම් චිපය වෙන ඇමෙරිකාවේ ගූගල් සමාගමේ විලෝ චිපය තරමටම මෙය වේගවත් බව, එම විද්‍යාඥයින් විසින් පළ කරන ලද පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා. චීනයේ ක්වන්ටම් පරිගණක වැඩසටහනේ පුරෝගාමියා සේ සැලකෙන, චීනයේ විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ෂියෑං වෙයි පෑන් ඇතුළු පර්යේෂකයෝ මෙම චිපය තනා ක්‍රියාත්මක කල අයයි.

මෙම ක්වන්ටම් චිපය Zuchongzhi 3.0 යනුවෙන් නම් කර තිබෙනවා. මෙමඟින් පර්යේෂකයින් කළ ගණනය කිරීම කරන්නට අද ලොව වේගවත්ම සුපිරි පරිගණකය වෙන ඇමෙරිකාවේ ෆ්‍රන්ටියර් පරිගණකයට අවුරුදු බිලියන 6.4ක් හෙවත් අවුරුදු කෝටි 640ක් ගත වෙනවා.

ක්වන්ටම් පරිගණක සෑදීම පිණිස වැඩ කරන අයිබීඑම්, ගූගල්, මයික්‍රොසොෆ්ට්, බයිදු, අලිබාබා යනාදී සමාගම් අතරින් පෙරමුණේ සිටින්නේ ගූගල් සමාගමයි. ගූගල් සමාගම, ප්‍රායෝගිකව භාවිතයට ගත හැකි ක්වන්ටම් පරිගණකයක් තනා ඇති බව මුලින්ම නිවේදනය කළේ, අදින් අවුරුදු පහකට කලින්, එනම්, 2019 ඔක්තෝබර් මස 23 වැනිදායි. එම ගූගල් ක්වන්ටම් පරිගණකය, තත්පර 200ක් ක්‍රියාත්මකව සිට විසඳන ගණිත ගැටලු ගණන විසඳීමට, ලොව තිබෙන බලවත්ම සුපිරි පරිගණකයකටත් වසර දස දහසක් පමණ ගත වෙනවා.

එහි භාවිතා කරන ක්වන්ටම් චිපය සයිකමෝර් ලෙස නම් කර තිබෙනවා. එය යොදා තනා ඇති ගූගල් ක්වන්ටම් පරිගණකය අද ලොව ඇති වේගවත්ම ක්වන්ටම් පරිගණකයයි. එහි මුල් කාලීන වේගය කියුබිට් හෙවත් ක්වන්ටම් බිට් 20ක් වුවත් දැන් එහි වේගය කියුබිට් 52ක්. එහෙත් චීනයේ ෂූ කොන්ෂි 3.0 චිපය, කියුබිට් 105 ක වේගයක් පෙන්වන නිසා එය ගූගල් සයිකමෝර් චිපයට වඩා වේගවත්.

මෙම සයිකමෝර් චිපයටත් වඩා දැවැන්ත ගණනය කිරීමේ බලයක් ඇති අලුත් ක්වන්ටම් චිපයක් තනා ඇති බව පසුගිය 2024 දෙසැම්බර් 09 වැනිදා ගූගල් සමාගම නිවේදනය කළා. එම චිපය විලෝ ලෙස නම් කර තිබෙනවා. එය යොදා සකසනු ලබන පරිගණකයක්, විනාඩි පහක කාලයක් තුළ විසඳනු ලබන ගැටලු ගණන විසඳන්නට අද තිබෙන වේගවත්ම සුපිරි පරිගණකයකට අවුරුදු සෙප්ටිලියන 10ක් ගත වෙනවා. එය සිතා ගැනීමට පවා අපහසු තරම් විශාල කාලයක්.

සෙප්ටිලියනයක් යනු, 1025 බලයකින් පෙන්වන ඉලක්කමක්. එනම් 1 ට පසුව බිංදු 25ක් ලියූ විට ලැබෙන ඉලක්කමයි. විශ්වය බිහිවූයේ අදින් අවුරුදු බිලියන 13.7ක් හෙවත් කෝටි 1370කට කලින්. එනම් වසර සෙප්ටිලියනයකට සාපේක්ෂව ගත් විට, විශ්වය බිහිවී ගතව තිබෙන්නේ ටික කාලයක්.

චීන විද්‍යාඥයින් විසින් නිපදවනු ලැබ ඇති ෂූ කොන්ෂි චිපය, ගූගල් සමාගමේ සයිකමෝර් චිපයට වඩා වේගවත් වෙන්නාක් සේම, ඔවුන් පවසන්නේ එය, ගූගල් සමාගමේ විලෝ චිපයේ වේගය ලබා ගත හැකි තරමට දියුණු කර ඇති බවයි. එනිසා දැන් ක්වන්ටම් පරිගණක තැනීමේ තරගයේදී ඇමෙරිකාව සමඟ චීනය කරට කර පැමිණ සිටිනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...