Home Tech News මොකක්ද මේ Canva කියන්නෙ ?
Tech News

මොකක්ද මේ Canva කියන්නෙ ?

Share
blank
Share

Canva යනු ඉතා සරලව පහසුවෙන් භාවිතා කළ හැකි, online-based all-in-one Productive මෙවලමක්. ඔබට Canva හරහා posters, flyers, logos, CVs, documents, presentations, thumbnails, social media posts සහ වීඩියෝ වැනි බොහෝ දෑ සකස් කිරීම සිදු කළ හැකය. මේ සියල්ල සඳහා templates, stock photos, graphics, audio, video සහ fonts වැනි creative resources Canva තුළම built-in ලෙස අන්තර්ගත කර තිබීම තවත් එක් ලක්ෂණයකි.අවශ්‍ය නම් පරිගණකයේ තිබෙන දේවල් Canva වෙතට Upload කර ද දේවල් නිර්මාණය කිරීමට පුලුවන්.

මෙම මෙවලම තුල බොහෝ විශේෂාංග සහ මෙවලම් රාශියක් දක්නට ලැබේ. Video editing සඳහා cut, trim, transition, background music වැනි features සහ Background Remover, Magic Edit, Text-to-Speech වැනි AI tools ද Canva තුළම අන්තර්ගත කර ඇත. Canva හි තියෙන drag-and-drop system එකක් නිසා beginners ලට ඉතාම පහසුවෙන් content create කිරීම සිදු කල හැකිිය. Canva Free plan එකෙන්ම බොහෝ functions ලබා ගත හැකි නමුත් Canva Pro subscription එකෙන් premium assets සහ advanced options ලබාගැනීමේ හැකියාව ඇත.

Canva භාවිතා කිරීම සඳහා අන්තර්ජාල සබඳතාවයක් අත්‍යවශ්‍ය වන අතර ඔබ මන්ධගාමී අන්තර්ජාල සබදතාවක් භාවිතා කරන්නෙ නම් Media file load වීමේ දී Preview එක නැරඹීමේ දී සහ render වීමේ දී වැඩි කාලයක් ගත වේ . වෘත්තීයමය video production, advanced timeline control, heavy animation editing වැනි කටයුතු සදහා Canva එතරම් ගැලපෙන alternative එකක් නොවේ. නමුත් බොහෝමයක් පෞද්ගලික සහ අධ්‍යාපනික කටයුතු සඳහා Canva ඉතාම සුදුසු වේ. ලංකාවේ පරිශීලකයින්ට Canva පාවිච්චි කිරීමේදී Work & Learn වැනි අඩු මුදලට තිබෙන internet plans භාවිතා කිරීමෙන් data සදහා යන වියදම ද අඩු කළ හැකියි.

මෙම මෙවලම ඔබට ඕනෑම උපාංගයකින් වෙබ් බ්‍රව්සරය හරහා හෝ Google Play Store, Apple App Store හෝ Microsoft Store හරහා බාගත කර භාවිතා කළ හැකිය.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...