පසුගියදා, Konami සමාගම Bloober Team (Silent Hill 2 Remake කරපු Team එක) සමඟ එකතුවෙලා Silent Hill 1 ක්‍රීඩාවේ remake එක නිල වශයෙන් ප්‍රකාශ කළා.මෙම remake එකෙ අරමුණ වන්නේ මුල් PlayStation 1 ගේම් එකේ fixed camera angles, නිර්මාණාත්මක, භීෂණය සහ තනිවීමෙන් පිරුණු ස්වභාවය ආරක්ෂා කරමින් තවත් නව අත්දැකීමක් ලබා දීමයි.
මේ Remake එකෙ පහත විශේෂ ලක්ෂණ බලාපොරොත්තු වෙන්න පුළුවන්:
- නවීන Combat පද්ධතිය
- වැඩිදියුණු කළ side quests and exploration
- ගැඹුරු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක විශේෂාංග
- Playerගෙ තෙරීම් අනුව වෙනස් අවසානයන්
- Visually upgraded environments
Release date, platforms වැනි තොරතුරු තවම අනාවරණය කර නොමැත. Project G ලෙස හැඳින්වෙන මෙම remake එක, Silent Hill 2 Remake හි දියුණුවට අනුව දැනට ආරම්භක development stage පවතින බව වාර්තා වේ.
මෙම කතාව නැවතත් Harry Mason ගෙන් ආරම්භවෙයි. ඔහුගේ අතුරුදහන් වූ දියණිය සෙවීම සඳහා මීදුමෙන් පිරුණු Silent Hill නගරය තුළ ගමන් කරයි.
Bloober Team සමාගමේ horror games පිළිබඳ පළපුරුද්ද සහ Silent Hill 2 Remake වටා පවතින positive කතාබහ නිසා, මෙය කෙරෙයි දැඩි බලාපොරොතු gamersලා තුළ පවතිනවා.
Konami සහ Bloober Team සමාගම් එකට එක්ව කටයුතු කිරීමත් සමඟ, මෙය පරණ මතකයන් පමණක් නොවන game එකක් සහ next level horror game ලෙස gaming industry එකට පැමිණීමට බොහෝ ඉඩ කඩ ඇත. Official trailer එක 2025 අවසානයේ බලාපොරොත්තු විය හැක.














Leave a comment