Home Tech News Explained ළගදීම දුරකතන සදහා නිකුත් වෙන Call of Duty: Warzone
ExplainedGamesTech News

ළගදීම දුරකතන සදහා නිකුත් වෙන Call of Duty: Warzone

Share
blank
Share

මුලින්ම 2022 වසරෙදි Call of Duty: Warzone Mobile ක්‍රීඩාව ගැන නිවේදනය කරනවිට Activision සමාගම පැවසුවෙ මේ වසර ඇතුලත මෙය නිකුත් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනව කියල. නමුත් දැන් Activision විසින් මෙම ක්‍රීඩාවේ trailer එකක් නිකුත් කර තිබෙනව. එහි දැක්වෙන ආකාරයට 2024 මාර්තු, අප්‍රේල් මාස අතර දිනයක Warzone Mobile ක්‍රීඩාව නිකුත් කරන්න ඔවුන් සූදානම් වෙනව.

මෙය නිකුත් වෙන නිශ්චිත දිනයක් තවමත් නිවේදනය කර නැති වුනත් Google Play හෝ App Store එක හරහා දැනටමත් pre-order කිරීමේ හැකියාව තිබෙනව. Warzone Mobile කියන්නෙ battle royale වර්ගයේ ක්‍රීඩාවක්. මෙහි එක තරගයකට ක්‍රීඩකයන් 120 දෙනෙකුට සහබාගි වෙන්න පුලුවන්. දැනට Warzone ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මෙහි තිබෙන weapons, locations සහ combat ආදිය බොහෝ හුරුපුරුදු වනු ඇත.

මෙහිත් පරිගණක ක්‍රීඩාවේ මෙන් Battle Pass තිබෙනව. ඒවගේම cross-play පහසුකමත් තිබෙනව. 2024දි මෙය මුලින්ම Australia, Chile, Norway සහ Sweden යන රටවල් සදහා නිකුත් කරන්න සංවර්ධකයන් සැලසුම් කරගෙන ඉන්නව.

Warzone Mobile සඳහා නව නිකුත් කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට අමතරව, Activision විසින් ක්‍රීඩාව පළමු දිනයේ සිට Rebirth Island වෙත ප්‍රවේශ විය හැකි බව අනාවරණය කර තිබෙනව. ඒවගේම රසික ප්‍රියතම Resurgence mode map එක Warzone Mobile සදහා ප්‍රථමවතාවට නිකුත් වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...