Press ESC to close

ළගදීම දුරකතන සදහා නිකුත් වෙන Call of Duty: Warzone

මුලින්ම 2022 වසරෙදි Call of Duty: Warzone Mobile ක්‍රීඩාව ගැන නිවේදනය කරනවිට Activision සමාගම පැවසුවෙ මේ වසර ඇතුලත මෙය නිකුත් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනව කියල. නමුත් දැන් Activision විසින් මෙම ක්‍රීඩාවේ trailer එකක් නිකුත් කර තිබෙනව. එහි දැක්වෙන ආකාරයට 2024 මාර්තු, අප්‍රේල් මාස අතර දිනයක Warzone Mobile ක්‍රීඩාව නිකුත් කරන්න ඔවුන් සූදානම් වෙනව.

මෙය නිකුත් වෙන නිශ්චිත දිනයක් තවමත් නිවේදනය කර නැති වුනත් Google Play හෝ App Store එක හරහා දැනටමත් pre-order කිරීමේ හැකියාව තිබෙනව. Warzone Mobile කියන්නෙ battle royale වර්ගයේ ක්‍රීඩාවක්. මෙහි එක තරගයකට ක්‍රීඩකයන් 120 දෙනෙකුට සහබාගි වෙන්න පුලුවන්. දැනට Warzone ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මෙහි තිබෙන weapons, locations සහ combat ආදිය බොහෝ හුරුපුරුදු වනු ඇත.

Get Your Site Up with A2 Hosting

මෙහිත් පරිගණක ක්‍රීඩාවේ මෙන් Battle Pass තිබෙනව. ඒවගේම cross-play පහසුකමත් තිබෙනව. 2024දි මෙය මුලින්ම Australia, Chile, Norway සහ Sweden යන රටවල් සදහා නිකුත් කරන්න සංවර්ධකයන් සැලසුම් කරගෙන ඉන්නව.

Warzone Mobile සඳහා නව නිකුත් කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට අමතරව, Activision විසින් ක්‍රීඩාව පළමු දිනයේ සිට Rebirth Island වෙත ප්‍රවේශ විය හැකි බව අනාවරණය කර තිබෙනව. ඒවගේම රසික ප්‍රියතම Resurgence mode map එක Warzone Mobile සදහා ප්‍රථමවතාවට නිකුත් වෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *