Home Tech News Keyboard එකෙන් ගමන් බිමන් යමු.
Tech News

Keyboard එකෙන් ගමන් බිමන් යමු.

Share
blank
Share

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා භාවිතා කරන ‘හෙළකුරු’ Keyboard ඇප් එකට  HelaGo නම් නව ප්‍රවාහන සේවාවක් එක් කර තිබෙනවා. පසු ගිිය දිනක ඒ සදහා රියදුරන් ලියාපදිංචි කිරීම ද Colombo racecourse හි දී සිදු වුනා. මෙමගින් දිවයිනේ ටැක්සි ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වන බවට කතාබහට ලක්ව තිබෙනවා.

පවත්නා ටැක්සි ඇප් සේවාවන්ගෙන් වෙනස්ව, HelaGo‌ සේවාවේ ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා. මෙහිදී වෙලදපොල තත්වය අනූව මිල ගණන් නිතරම Update වෙනවා. තවද බොහෝ වාහන වර්ග මෙමගින් ලබා ගත හැකි වීමත් , හෙලකුරු පරිශීලකයන්ට වෙනම ඇප් එකක් Install කිරීමට අවශ්‍ය නොවීමත් මෙහි ඇති වාසි වේ.


ඔබටත් මෙහි රියදුරකු ලෙස ලියාපදිංචි වීමට අව්‍යශ නම් හෙලකුරු ඇප් එක හරහා ලියාපදිංචි වීමට ඔබට පුලුවනි. ලියාපදිංචි වීම සඳහා රියදුරු බලපත්‍රය, වාහන රෙජිස්ට්‍රේෂන් පත්‍රය වැනි ලියකියවිලි ඔබට අවශ්‍ය වේවි.
හෙළකුරු ,  HelaGo සේවය මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රවාහන ක්ෂේත්‍රයට තිබෙන ඒකාධිකාරීීීීීත්වය බිඳ දමා, සාධාරණ මිලකිිින්  ඔබට සේවාව ලබා ගතහැකිවේ. මෙම සේවාව තවමත් ආරම්භ කර නොමැති අතර , ඔබත්‌ HelaGo රියදුරකු වීමට කැමති නම් අදම මේ සදහා ලියාපදිංචි වෙන්න. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අභියෝගයක් එල්ල කරමින් නව්‍ය ඩිජිටල් විසඳුමක් ලෙස HelaGo සේවාාව ඉතා ඉක්මනින්ම ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...