Home Tech News cyber security Registration Check සමග වඩාත් ආරක්ශිත වෙන WhatsApp
cyber securitysocial mediaTech NewsUpdates

Registration Check සමග වඩාත් ආරක්ශිත වෙන WhatsApp

Share
blank
Share

WhatsApp සමාගම නව security features කිහිපයක් හදුන්වා දෙන්න සූදානම් වෙනව. ඒ අතරින් කැපී පෙනෙන විශේෂාංගයක් වෙන්නෙ ඔබේ ගිණුමට හානි කළ හැකි social engineering attacks වලට එරෙහිව පරිශීලකයින් ආරක්ෂා කිරීමට හදුන්වා දී ඇති Registration Check Feature එකයි. ඔබ මීළඟ වතාවේ WhatsApp නව උපාංගයකට බාගත කරන විට, ඔබේ WhatsApp ගිණුම නව දුරකථනයකට ගෙන යාමට අවශ්‍ය බව තහවුරු කිරීමට ඔබේ පැරණි උපාංගය භාවිත කලයුතු වෙනව.

එහෙත් මෙමගින් ඔබේ ගිණුම ලොක් වීමක් සිදුවන්නෙ නැහැ. WhatsApp සමාගම පවසා තිබුනේ මේ ආකාරයට පැරනි දුරකතනය බාවිතා කර ගිණුම සක්‍රීය කිරීම සදහා පවසන්නේ සැක කටයුතු ලියාපදිංචි කිරීමේ උත්සාහයක් හඳුනා ගන්නේ නම් පමනක් බවයි. ඔබට පැරනි දුරකතනය බාවිතා කල නොහැකි නම් සමාගමෙන් ඔබට දෙවන one-time passcode එකක් එවන ලෙස ඉල්ලා සිටින්න පුලුවන්.

කොහොමවුනත් නව අප්ඩේට් එක මගින් ඔබ ගිණුම මාරු කලත් නැතත් නව ආරක්ශිත විශේෂාංග සක්‍රීය වෙනව. සමාගම පවසන්නේ ඔවුන් ඔබගේ ගිණුම අනිෂ්ට මෘදුකාංග වලින් ආරක්ෂා කර ගැනීමට සහ ඔබේ WhatsApp කවදා හෝ compromised වුවහොත් ඔබව වඩාත් හොඳින් ආරක්ෂා කරන බවයි.

තමන්ගේ ගිණුම encrypted කර ඇති අයෙකු සමග සම්බන්ධයක් ඇති කර ගැනීම මෙහිදී පහසු කර තිබෙනව. දැන් මේ ආකාරයට සම්බන්ධයක් verifying කරගැනීමට නම් එක්කො  QR code එකක් ස්කෑන් කිරීමට හෝ ඉලක්කම් 60 අංකයක් යෙදීමට සිදුවෙනව. මේ දෙයාකාරයම contact’s info හි Encryption tab එක තුල දැකගත හැකි වෙනව.

ඉදිරි මාස කිහිපයෙදි මේ අප්ඩේට් එක සියලු දුරකතන වලට එකවර නිකුත් වෙන්නෙ නැහැ. එතෙක් තමන්ගෙ ගිණුම් ආරක්ශා කර ගැනීමට අවශ්‍ය නම් Meta සමාගම පවසා තිබුනෙ two-factor authentication සහ encrypted backups සක්‍රීය කරගන්නා ලෙසයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...