පසුගිය සතිවල අපි අපි වාර්තා කරපු විදිහට Lapsus$ නමැති hacking කණ්ඩායමක් විසින් ලෝකයේ ලොකුම tech companies කිහිපයක්ම hack කරල තිබුනා. ඒ අතර Nvidia, Samsung, Ubisoft, Okta, සහ Microsoft වගේ ආයතන තිබුනා. මේ වෙනකොට වාර්තා වෙන විදිහට එංගලන්තයේ ජීවත් වෙන teen කෙනෙක් තමයි මේ කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරල තියෙන්නෙ.
මෙසේ hack වීමට ලක්වුන සමාගම් වෙනුවෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම් 4ක් ප්‍රකාශ කරල තියන විදිහට මේ තරුණය තමා මේ hacking ප්‍රහාර වල මහමොළකරු වශයෙන් ඉඳල තියෙන්නෙ. එහෙම උනත් “White” සහ “breachbase,” යන අන්වර්ථ නාමයන් භාවිතා කරපු මේ තරුණයා වෙත නීතිමය වශයෙන් තවමත් චෝදානාවක් එල්ල වෙලා නෑ. ඒ වගේම Lapsus$ විසින් සිදු කරපු හැම ප්‍රහාරයකටම මොහු සම්බන්ධ වෙලා තියනව කියලත් ඔප්පු කරගන්න තවමත් හැකි වෙලා නැති බවයි වාර්තා වෙන්නේ.
Lapsus$ hacking කණ්ඩායමේ සාමාජිකයින් ඉන්නෙ එංගලන්තයේ පමණක් නෙවෙයි. එක් සැකකරුවෙක් ජීවත් වෙන්නෙ බ්‍රසීලයේ කියලයි වාර්තා වෙන්නෙ. එකිනෙකට වෙනස් ගිණුම් 7ක් පමණ මේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙලා තියන බවක් පර්‍යේෂකයින් සඳහන් කරනවා. මේ අතර ඒ කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් කොතරම් දක්ෂද කියනවනම් පර්‍යේෂකයින් මුලින්ම විශ්වාස කරල තියෙන්නෙ ඔහුගේ ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව සිදුවන බවටයි.
Lapsus$ hacker කණ්ඩායමේ සම්පූර්ණ විස්තරය තවමත් හරි හැටි පැහැදිලි නොවුනත් ඉදිරියේදී බොහෝ දුරට මොවුන්ගේ සම්පූර්ණ විස්තරය හෙළි වේවී.
Me app ekath dark theme ekak ekathu kalanm hidai neda
Sira
Dark theme ekak demuda