Home Tech News Internet Lapsus$ හැකර් කණ්ඩායමේ නායකයා සොයා ගැනේ
InternetTech News

Lapsus$ හැකර් කණ්ඩායමේ නායකයා සොයා ගැනේ

Share
Share

පසුගිය සතිවල අපි අපි වාර්තා කරපු විදිහට Lapsus$ නමැති hacking කණ්ඩායමක් විසින් ලෝකයේ ලොකුම tech companies කිහිපයක්ම hack කරල තිබුනා. ඒ අතර Nvidia, Samsung, Ubisoft, Okta, සහ Microsoft වගේ ආයතන තිබුනා. මේ වෙනකොට වාර්තා වෙන විදිහට එංගලන්තයේ ජීවත් වෙන teen කෙනෙක් තමයි මේ කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරල තියෙන්නෙ.

මෙසේ hack වීමට ලක්වුන සමාගම් වෙනුවෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම් 4ක් ප්‍රකාශ කරල තියන විදිහට මේ තරුණය තමා මේ hacking ප්‍රහාර වල මහමොළකරු වශයෙන් ඉඳල තියෙන්නෙ. එහෙම උනත් “White” සහ “breachbase,” යන අන්වර්ථ නාමයන් භාවිතා කරපු මේ තරුණයා වෙත නීතිමය වශයෙන් තවමත් චෝදානාවක් එල්ල වෙලා නෑ. ඒ වගේම Lapsus$ විසින් සිදු කරපු හැම ප්‍රහාරයකටම මොහු සම්බන්ධ වෙලා තියනව කියලත් ඔප්පු කරගන්න තවමත් හැකි වෙලා නැති බවයි වාර්තා වෙන්නේ.

Lapsus$ hacking කණ්ඩායමේ සාමාජිකයින් ඉන්නෙ එංගලන්තයේ පමණක් නෙවෙයි. එක් සැකකරුවෙක් ජීවත් වෙන්නෙ බ්‍රසීලයේ කියලයි වාර්තා වෙන්නෙ. එකිනෙකට වෙනස් ගිණුම් 7ක් පමණ මේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙලා තියන බවක් පර්‍යේෂකයින් සඳහන් කරනවා. මේ අතර ඒ කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් කොතරම් දක්ෂද කියනවනම් පර්‍යේෂකයින් මුලින්ම විශ්වාස කරල තියෙන්නෙ ඔහුගේ ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව සිදුවන බවටයි.

Lapsus$ hacker කණ්ඩායමේ සම්පූර්ණ විස්තරය තවමත් හරි හැටි පැහැදිලි නොවුනත් ඉදිරියේදී බොහෝ දුරට මොවුන්ගේ සම්පූර්ණ විස්තරය හෙළි වේවී.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

3 Comments

Leave a Reply to SanaBoiCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...