Home Tech News ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ගැසට් කෙරේ.
Tech News

ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ගැසට් කෙරේ.

Share
blank
Share

රජයේ ආයතන, ටෙලිකොම් ආයතන, රෝහල් සහ වෙනත් පුද්ගලික දත්ත රැස් කරන ආයතන සතුව තියන පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ඇතුලත් යෝජිත දත්ත ආරක්ෂණ පනතේ නීති සම්පාදනය සඳහා ඉදිරි පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය සඳුදා ලැබුනා. ඒ අනුව මේ පනත් කෙටුම්පත මේ වෙද්දි පාර්ලිමේන්තුවේදී ගැසට් කරල තියනවා. 2019දි ප්‍රථම වරට කෙටුම්පත් කරපු මේ දත්ත ආරක්ෂණ පනතේ අරමුණ වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙ පෞද්ගලික දත්ත ආරක්ෂා කෙරෙන නීති සම්පාදනය කිරීමයි.

මේ පනත් කෙටුම්පත නිර්මාණයේදී ලෝකයේ ඇති OECD Privacy Guidelines, APEC Privacy Framework, යුරෝපා සංගමයේ දත්ත ආරක්ෂණ සම්මුතිය සහ යුරෝපයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි වගේ මුලාශ්‍ර වලින් ආභාෂය ඇරගෙන තියනවා. ICTA ආයතනයට අනුව මෙම පනතේ මුල්ම කෙටුම්පත් කොටස 2019 දි තමයි ප්‍රකාශයට පත් කරල තියෙන්නේ. මේක විවිධ පාර්ශවකරුවන්ගෙ උපදේශන වට හතකින් සම්මත වෙලා තමයි 2020 ජනවාරි වලදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තියෙන්නේ.

ICTA සභාපති වන ජයන්ත ද සිල්වා මහතා 2020දිම එම පනතට අනුමැතිය ගන්න උත්සහ කරත් පසුව නීතීඥ සංගමය, ලංකා වාණිජ මණ්ඩලය, අධිකරණ අමාත්‍යාංශය, නීතිපතිවරයා, මහ බැංකුව සහ TRCSL හි උපදේශයෙන් පසුව මේ කෙටුම්පත තවදුරටත් සංශෝධනය සිදු වුනා. 2021 ජූලි වන විට නීතිපතිවරයා විසින් මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිතභාවය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි වගන්තිය යටතේ තම සහතිකය නිකුත් කරා. ඊට පසුව අවශ්‍ය වන කැබිනට් අනුමැතියත් සමග මේ පෞද්ගලික දත්ත පනත නීතියක් වශයෙන් සම්මත වේවී.

මෙම පනත එන්නෙ රජයේ විවිධ අංශ ඩිජිටල්කරණය කිරීමේ ප්‍රයත්නයක සිටින අවස්ථාවකයි. මේ උත්සහයන් එක්ක ඇතිවෙන පුද්ගලිකත්වය හා ආරක්ෂාව පිලිබඳ ගැටලු නිරාකරණය සඳහා මේ පනත උදව් වේවී. උදාහරණයක් විදිහට ගිය වසරෙ ICTA විසින් හඳුන්වා දුන් “Stay Safe” app එකේ ඇතිවුන ප්‍රශ්න සලකන්න පුලුවන්, මේ වගේ app එකක තියෙන්නෙ රටේ පුරවැසියන්ගෙ දත්ත නිසා ඒව ආරක්ෂාකාරීව හසුරුවන එක රාජ්‍ය ආයතනයක වගකීමක් වෙනවා.

මේ දත්ත ආරක්ෂණ පනත මේ සෑම දෙයකටම සම්පූර්ණ විසඳුමක් නොවුනත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙ පුද්ගලික දත්ත අවභාවිතා කිරීමෙන් ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය නීති මෙහි අන්තර්ගත වෙනවා. පනත් කෙටුම්පත රජයෙන් ගැසට් නිවේදයක් ලෙස නිකුත් කරාට පස්සෙ ඊලඟ පියවර වෙන්නෙ දත්ත ආරක්ෂණ නියෝජිත ආයතනය පිහිටවීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම කියල ICTA සභාපති ඕෂද සේනානායක මහතා සඳහන් කරල තියනවා.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ ගැසට් නිවේදනය – Sinhala, English, Tamil

‌Sources – readme.lk and ft.lk

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...