Press ESC to close

Unlimited Internet වලට සැරසෙන ශ්‍රී ලංකාව

Telecommunications Regulatory Commission of Sri Lanka විසින් සීමා රහිත අන්තර්ජාල package ලබාදීම සදහා මේ වනවිට සූදානම් වෙමින් පවතින බව දැනගන්නට ලැබෙනව.මේ වනවිටත් දිවයින තුල අන්තර්ජාල සේවා පහසුකම් සලසන ISP -Internet Service Provider ආයතන වලට මේ සදහා තොරතුරු අදාල package විස්තර සමග ලබාදෙන ලෙස දන්වා ඇති බවත්, මේ සමග 2021 අප්‍රේල් මස වනවිට මුල්ම package ලබා දීම ආරම්භ කිරීමට කටයුතු කරන බවටත් දැනගන්නට ලැබෙනව.

https://twitter.com/TRCSL/status/1372726890205646855?ref_src=twsrc%5Etfw

නිවේදනයෙ සඳහන් වෙන විදිහට TRCSL එක මාර්තු මාසයේ මුලදි ISP ලට දැනුම් දීල තියනව එයාලට ඉදිරිපත් කරන්න පුළුවන් Unlimited Packages ගැන වාර්තාවක් TRC එකට ලබා දෙන්න කියල. එහෙම ලබා ගත්ත වාර්තා මේ වෙද්දි TRCSL එක මගින් අධ්‍යයනය කරගෙන යනව කියලත්, පලමු වටයේ Unlimited Packages පාරිභෝගිකයන්ට අප්‍රේල් මාසයේ සිට බොහෝදුරට බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලත් TRC එක සඳහන් කරනවා.

Get Your Site Up with A2 Hosting

අන්තර්ජාලයේ මේ ගැන විවිධ මත පල වෙලා තියනවා. බොහෝ විට මේ packages මිල අධික වේවි හෝ වේගයෙන් අඩු වේවි කියල සමහරු අදහස් දක්වල තියනව, ඒ වගේම unlimited internet අනිසි ලෙස භාවිතා කිරීම වැලැක්වීමට බොහෝදුරට Fair Usage Policy(FUP) සීමාවක් පනවන්නත් ඉඩ තියෙනව කියල සමාජ මාධ්‍ය වල පිරිස් අදහස් දක්වල තියනවා. කොහොම මේ packages හඳුන්වල දුන්නත් කාලයක් යද්දි තරඟකාරීත්වය නිසා packages වල මිල අඩු වෙලා ගුණාත්මක බව ඉහල යාවි කියල අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *