Home Tech News intel 11th gen අළුත් Motherboard එයි..
Tech News

intel 11th gen අළුත් Motherboard එයි..

Share
Share

intel සමාගම එයාලගෙ 11 වෙන පරම්පරාවේ Desktop CPU නිකුත් කරන්න සූදානම් වෙනවත් එක්කම අළුත් Motherboard series එකකුත් නිකුත් කරනව. මේ තමයි intel 500 Series Motherboards.

මෙවර 2021 CES (Consumer Electronics Show) හිදී Launch වෙන intel 500 Series motherboard intel 11th gen එක සදහා නිකුත් උවත් intel 11th gen Desktop CPU නිකුත් වෙන්නේ 2021 මාර්තු මාසයේදී වීම නිසා Motherboard නිෂ්පාදනය කරන සමාගම් වලට මෙය ගැටළුවක් වෙනු ඇති.

තවමත් නිකුත් වී නොමැත් CPU එකක් සදහා තමන් පළමුව Motherboard එකක් නිකුත් කරන බව පැවසීම හරහා කිසිවකු එය මිළට ගැනීමක් සිදු කරන්නේ නැහැ. Z590 | H570 | B560 සහ H510 ලෙස මෙම Chipsets නිකුත් වනු ඇති බව මේ වනවිට අනුමාන කෙරනෙවා.

intel 11th gen CPU දැනට ඇති 10th gen 400 series Motherboards සමගත් ක්‍රියා කරන බවත් පැවසෙන නිසා නව 500 series Motherboards භාවිතා කිරීම කොතරම් දුරට වැදගත් වේද යන්න මෙහිදී මතුවන ගැටළුවක්.

අළුත් Motherboard වලදී highlight වන අංග අතරට 3200MHz RAM Support සහ PCIe 4.0 Support එක ඇතුලත් වන අතර මෙය 10th gen CPU මෙන්ම Socket 1200 එකටයි නිර්මාණය වෙන්නෙ. මේ නිසා මෙය දැනටමත් නිවේදනය කර ඇති intel Alder lake CPU (Socket 1700) සදහා ගැලපෙන්නේ නැහැ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply to Nalin BuddhikaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...