Home Tech News අලුත් පෙනුමින් එන Nokia 3310
Tech News

අලුත් පෙනුමින් එන Nokia 3310

Share
blank
Share

Nokia brand එක අයිති HMD Global සමාගම කවුරුත් බලාපොරොත්තු වෙච්ච Nokia 3310 phone එක ඊයෙ (පෙබරවාරි 26) ලෝකයට පෙන්නුවෙ barcelona හි පැවැත්වෙන world mobile conference එකේදියි. පරණ iconic 3310 phone එකට හැඩයෙන් සමාන උනාට අලුත් 3310 එක හුරුබුහුටි පාට වලින් පිරුණ කාගෙත් හිත යන චූටි phone එකක්.

2000 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ ලෝකයට හදුන්වල දීපු පරණ Nokia 3310 phone එක මිලියන 126ක් විකිණිල නතර උනේ Nokia සමාගමට Mobile phone ලෝකයෙ විශේෂ තැනකුත් හදලයි. අලුත් 3310 එකත් මේ විදිහටම ජනප්‍රිය වෙයි කියල හිතන්න පුලුවන්, මොකද දැන් මුලු Internet එකේම ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නෙ මේ smart නොවන basic phone එකයි.

2017 නිකුත් වෙන Nokia 3310 එකේ විශේෂාංග වෙන්නෙ

  • 240 X 320 Resolution color screen
  • මාසයක් දක්වා standby battery එක
  • පැය 22ක talk time
  • LED flash සහිත 2MP කැමරාව
  • 3.5mm headphone jack
  • 2G network connection
  • FM radio + Music player
  • 16 MB Storage සහ 32GB දක්වා SD card එකක් දාන්න හැකියාව

මේ basic features එක්ක එන Nokia 3310 phone එක හැමෝගෙම backup phone එක වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනව. කලින් තිබුන Basic interface එක වෙනුවට Nokia series 30+ operating system එකෙන් වැඩ කරන 3310 එකේ color display එකත් phone එකට අලුත් පෙනුමක් දීල තියෙනව. Phone එකක මූලිකම අංග වෙන Calls සහ text messages වලට අවශ්‍ය පහසුකම් තියෙන නිසාත් දිගු battery life එක නිසාත් Nokia සමාගම ආයෙත් ලොකු පොඩි හැම තැනකම එක වගේ කියවෙන නමක් වේවි.

3310 එකත් එක්කම Nokia 3 සහ Nokia 5 Smart Phones දෙකත් මේ event එකේදි එලිදැක්වුනා. දැන් මේ phone ගැන Nokia website එකේ තොරතුරු එක්කරල තියෙනව.  Android 7.1 එකත් එක්ක නිකුත් කරන්න තියෙන මේ phone දෙක මුලින නිකුත් කරපු Nokia 6 Smart Phone එකට වඩා පහසුකම් වලින් අඩු Mid range සහ budget phone විදිහටයි හදුන්වල තියෙන්නෙ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...