Press ESC to close

මගුල් කෑමේ අළුත්ම කලාව-Metaverse

සිංගප්පූරුවේ Clarence Chan සහ Joanne Tham එම රටේ metaverse එක තුල තම විවාහ උත්සවය පැවැත්වූ පළමු යුවල බවට පත්වුනා. සැබෑ ලෝකයේ මංගල දිවියට එලඹීමට සමගාමීව Metaverse එක තුලත් සිදුවූ මෙම විවාහය පළමු Hybrid විවාහය ලෙසද හදුන්වා තිබෙනවා.

Sandbox නමින් හදුන්වන Metaverse එක තුල Digital pixel වලින් නිර්මාණය වූ Clarence සහ joanne, ඔවුන්ගේ දෙමව්පියන් යහළුවන් මෙන්ම‍ ඔවුන්ගේ සුරතල් සුනඛයාද මෙම Metaverse විවාහෝත්සවයේ කොටස් කරුවන් උනා. මේ සමග Sandbox metaverse එක තුල විවාහ වූ පළමු යුවල වෙන්න මොවුන්ට අවස්ථාව ලැබුන.

Get Your Site Up with A2 Hosting

1970 Disco theme එකක් වගේම Dancing Night එකක් සහ ඔවුන්ට අවශ්‍ය සිහින ලෝකයක් මේ තුල නිර්මාණය කර තිබුනා කිව්වොත් නිවැරදියි. සැබෑ ලෝකයේ ලබාගත නොහැකි දේවල් මෙසේ metaverse එක තුල තමන්ගේ විවාහය දවසේ අත්විදීම / ඉදිරිපත් කිරීම තවමත් උන්මාදයක් වී නම් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *