Home Tech News Internet Instagram TV නතර වන ලකුණු
Internetsocial mediaTech News

Instagram TV නතර වන ලකුණු

Share
blank
Share

Instagram විසින් තවදුරටත් වෙනම IGTV app එකකට සහය නොදක්වන බව පසුගිය දවසක දැනුම්දීල තිබුනා. ඒ වෙනුවට සියලුම video අන්තර්ගතයන් ප්‍රධාන Instagram app එක මත තබා ගැනීම කෙරෙහි තම ආයතනය අවධානය යොමු කරන බව ප්‍රකාශ කරල තියනවා. IGTV හඳුන්වාදුන්නෙ YouTube සමග තරඟකරන්න වුනත් මේ දැනුම් දීමෙන් පස්සෙ ඒ තරඟයට ඇතුල්වෙන්න කරපු උත්සහයත් යම්තාක් දුරකට අසාර්ථක වෙලා කියල තමයි පේන්නේ.

මේ ගැන දැනුම් දීල කරපු blog post එකේ සටහන් වෙන විදිහට, මේ තීරණයට හේතුව videos බැලීම සහ නිර්මාණය හැකිතරම් සරල කිරීමට ගත් උත්සහයේ කොටසක් ලෙස මෙලෙස IGTV app එක ඉවත් කරන බවයි. ප්‍රධාන Instagram app එකේ posts සහ Reels ඇතුලු videos නැරඹීමේ අත්දැකීමත් වැඩි දියුණු කරන්න සමාගම කටයුතු කරන් යනව කියල ප්‍රකාශ කරල තියනවා. ඒ වගේම videos වල වෙලඳ දැන්වීම් දර්ශණයෙන් videos නිර්මාණය කරන්නන්ට ආදායමක් ඉපැයීමට හැකි පහසුකමකුත් Instagram සමාගම මේ වසර අවසානයේ හඳුන්වා දේවී.

YouTube සමග තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් සිරස් ආකාරයේ videos පළ කිරීමට IGTV වෙනම app එකක් ලෙස 2018 හඳුන්වාදුන් නමුත් වසරකටත් අඩු කාලයක් තුල IGTV contents විශාල වශයෙන් ප්‍රධාන Instagram app එක තුළ ප්‍රචාරණය කරා. 2020 වසරෙ Instagram ආයතනය ප්‍රධාන app එකේ තිබුන IGTV content එක වෙත ගෙනයන button එකත් ඉවත් කරල දැමුවා, ඒකට හේතුව වුනේ ඒ button එක භාවිත කරන පිරිස ඉතා සුළු පිරිසක් වීම. ඒ වගේම පසුගිය වසරෙ ආයතනය දැනුම් දුන්න “IGTV” යන නාමය “Instagram TV” ලෙස re-brand කරන බවට, ඒ වගේම IGTV videos වල තිබුන පැයක videos පළ කිරීමේ හැකියාව ප්‍රධාන app එකටත් හඳුන්වාදෙන බව ප්‍රකාශ කරා.

Instagram ඉතා පැහැදිලිව පෙන්වල දීල තියනවා තමන් video මාධ්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර ඇති බව. ඒ වගේම පසුගිය වසරෙ Instagram හි ප්‍රධානියා ප්‍රකාශ කරල තියනවා තම සේවාව තවදුරටත් photo app එකක් නොවන බවත් ඒ වෙනුවට සාමාන්‍ය විනෝදාස්වාදන app එකක් බවට පරිවර්තනය කරමින් TikTok සහ YouTube වැනි සේවාවන් සමග තරඟකරන්න සූදානම් වෙන බවට.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...