Home Tech News OS දැන් MacOS එක සදහා නවතම Whatsapp desktop app එකක්
OSsocial mediaTech NewsUpdates

දැන් MacOS එක සදහා නවතම Whatsapp desktop app එකක්

Share
blank
Share

දැන් Mac පරිගණක සදහා WhatsApp ඩවුන්ලෝඩ් කර බාවිතා කිරීමේ හැකියාව පවතිනව. මීටපෙර Apple පරිශීලකයන්ට ඔවුන්ගේ දුරකතන වලින් සිදුකරන WhatsApp පනිවිඩ යැවීම්, ෆයිල් ශෙයාරිං වැනි දේ Mac පරිගණකය මගින් සිදුකරන්න හැකි වුනේ නැහැ.

WaBetaInfo මගින් වාර්තා කරන විදියට කිසිදු සීමාවකින් තොරව මෙය Mac පරිගණක සදහා ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව පවතිනව. මෙය Mac hardware සදහා optimized කර තිබෙන අතර Mac Catalyst බාශාව යොදාගෙන නිර්මානය කර තිබෙනව. එමනිසා දැනට තිබෙන WhatsApp web වලට වඩා කාර්යක්ශමව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මෙහි ඇත්තෙ නව අතුරුමුහුනතක්. පැනල් තුනකින් සමන්විත මෙහි පහසුවෙන් chats, calls, archived සහ starred messages අතර හුවමාරු වෙන්න පුලුවන්.

Source: https://wabetainfo.com/

Apple සමාගමේ Catalyst නිර්මානය කර ඇත්තෙ සංවර්ධකයින්ට iOS යෙදුම් macOS වෙත ගෙනයාමට හෝ එක් platform එකක් තුල එක version එකක් නිර්මානය කිරීම සදහාය. Mac මගින් Catalyst සංවර්ධනය කරන නිසා iOS සදහා සහය දක්වන version එකත් ඉක්මනින් ලැබේවියැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

2021දි Meta සමාගම පැවසුවේ WhatsApp සදහා multi-device support එක වැඩිදියුණු කරන බවයි.

පසුගිය වසරේ WhatsApp විසින් Windows 10 සඳහා native version එකක් නිකුත් කරන ලද අතර ඒ සදහා ජංගම දුරකතනයක් අවශ්‍ය වුනේ නැහැ. එය Mac යෙදුමට බොහෝ දුරට සමාන වන අතර වැඩි විශ්වසනීයත්වයක් සහ වේගයක් සහිත එකක් වුනා.

දැන් මෙම යෙදුම සම්පූර්ණ බීටා එකක් ලෙස ඇති බැවින් ඔබට එය WhatsApp වෙබ් අඩවියෙන් කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...