Home Tech News Phones BlackBerry ආයතනය තම mobile සහ messaging පේටන්ට් බලපත්‍ර විකුණා දමයි
PhonesTech News

BlackBerry ආයතනය තම mobile සහ messaging පේටන්ට් බලපත්‍ර විකුණා දමයි

Share
blank
Share

අපි කලින් ලිපියකින් විස්තර කරා වගේ කාලෙක legendary දුරකථන නිශ්පාදකයෙක් වෙච්ච BlackBerry සමාගමේ අවසානයට තවත් පරිච්ඡේදයක් එකතු වෙන්නයි යන්නේ. පසුගිය දවසක සමාගම දැනුම් දීල තිබුන “Catapult IP Innovations Inc.” නමැති සමාගමක් තමන්ගෙ වටිනා පේටන්ට් බලපත්‍ර ඩොලර් මිලියන 600කට මිලදී ගත්ත බව. නිල දැනුම් දීමෙදි BlackBerry විසින් මේ සමාගම විස්තර කරල තියෙන්නෙ තම පේටන්ට් මිලදී ගැනීම සඳහාම පිහිටවූ විශේෂ සමාගමක් ලෙසයි.

BlackBerry සමාගමේ mobile උපාංග, messaging සහ wireless networking තාක්ෂණයන්ට අයත් පේටන්ට් බලපත්‍ර මේ විදිහට විකිණීම සිදු කරල තියනවා. ඒ කියන්නෙ BlackBerry දුරකථන, QWERTY යතුරුපුවරු සහ BlackBerry Messenger (BBM) වගේ දේවල් මේ පේටන්ට් වලට අයිති වෙනවා. 2018 වසරෙ BlackBerry විසින් මේ බලපත්‍ර යොදාගෙන Facebook සමග නීතිමය ගැටුමක් පවා පටන්ගෙන තිබුනා තමන්ට පේටන්ට් අයිතිය තියන අදහස් Facebook Messenger තුළ භාවිතා කරායැයි චෝදනා කරමින්. BlackBerry කියන්නෙ පේටන්ට් බලපත්‍ර සම්බන්ධ ගැටුම් වලට නම ගියපු ආයතනයක්, 2000 මුල් කාලයේ පවා මේ විදිහට විවිධ සමාගම් සමග BlackBerry නීතිමය ගැටුම් ඇතිකරගෙන තියනවා.

මේ පේටන්ට් බලපත්‍ර මිලදී ගත්ත “Catapult IP Innovations” සමාගමත් මේ විදිහට බලපත්‍ර මිලදී ගත්තෙ BlackBerry කරා වගේම ඒ පේටන්ට් භාවිතා කරල වෙනත් සමාගම් සමග නීතිමය වශයෙන් ගැටුම් ඇති කරගෙන ආදායමක් උපයන්න කියල බොහෝ දෙනා මත පල කරනවා. මාධ්‍ය නිවේදනයට අනුව Catapult ආයතනයේ ඩොලර් මිලියන 600 ගණුදෙනුවෙන් ඩොලර් මිලියන 450ක්ම ණයක් විදිහට අරගෙන තමයි BlackBerry ආයතනයට ගෙවල තියෙන්නේ. ඉතිරි ඩොලර් මිලියන 150 න් පළමු ගෙවීම අවුරුදු 3ක් ඇතුලත ගෙවන්නත් ඔවුන් පොරොන්දු වෙලා තියනවා. මේවගෙන් තේරෙන්නෙ Catapult කියන අලුත් සමාගම කිසිම නිශ්පාදනයක් නැති, මුදල් ප්‍රවාහයක් නැති විශාල ණයක් ගෙවිය යුතු සමාගමක් බවට පත් වෙලා කියන එකයි. ඉතින් ටික කාලයක් ඇතුලත බංකොලොත් නොවී තියෙන්නනම් ඉක්මනින්ම මේ මිලදී ගත්ත පේටන්ට් බලපත්‍ර භාවිතා කරල මුදල් ඉපයීම ආරම්භ කරන්න සිදු වෙනවා. බොහෝ විට ඒ ක්‍රමය බලපත්‍ර උල්ලංඝනය කරන සියල්ලන්ටම නඩු පැවරීම වෙන්න ගොඩක් දුරට ඉඩ තියනවා.

2017 වසරේ iPhone නිකුත් වෙලා මුලු mobile market එකම අල්ලගන්න කලින් Nokia සහ BlackBerry තමයි ඒ market එකේ දැවැන්තයන් විදිහට හිටියෙ. 2013 වෙනකම්ම තමන්ගෙ mobile මෙහෙයුම් පද්ධතිය touch-focused විදිහට වෙනස් කරන්න BlackBerry කටයුතු කරේ නෑ, නමුත් ඒක කරද්දි පරක්කු වැඩියි. 2015 දි සමාගම BlackBerry OS සංවර්ධනය නතර කරා, ඒත් එක්ක තමන්ගෙ පළවෙනි Android දුරකථනයත් නිකුත් කරා. ඊලඟ අවුරුද්දෙ BlackBerry සමාගම දුරකථන නිශ්පාදනයෙනුත් සමුගෙන smartphone business එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුනා. මේ වසර මුලදි නිල වශයෙන් තමන් තවදුරටත් BlackBerry OS එක සඳහා සහය නොදක්වන බවටත් ආයතනය දැනුම් දීල තිබුනා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...