Home Tech News Explained Instagram වල තිබෙන broadcast channels දැන් Facebook සහ Messenger වලත්
Explainedsocial mediaTech News

Instagram වල තිබෙන broadcast channels දැන් Facebook සහ Messenger වලත්

Share
blank
Share

පසුගිය පෙබරවාරි මාසයෙදි Meta සමාගම විසින් broadcast channels විශේෂාංගය Instagram වෙත හදුන්වා දුන්න. එමගින් one-way පනිවිඩ යැවීමේ හැකියාව ලැබෙනව. ඉතින් දැන් මෙටා සමාගම එම විශේෂාංගය තවදුරටත් වැඩිදියුනු කර එය Facebook සහ Messenger වෙතත් හදුන්වා දී තිබෙනව.

Facebook pages තිබෙන නිර්මානකරුවන්ට දැන් ඔවුන්ගේ community එකට messages යැවීමට අමතරව photos, videos සහ voice notes යැවීමේ හැකියාව තිබෙනව. මෙහිදී සහබාගිවන්නන් හට messages බැලීමට, රියැක්ට් කිරීමට හා polls වලට vote කිරීම වැනි දේවල් පමනයි කරන්න පුලුවන්. Page administrator හට නව පනිවිඩ යැවිමේ හැකියාව තිබෙනව.

නිර්මානකරුවන්ට ඔවුන් නිර්මානය කරන චැනල් පිලිබදව Facebook මගින් ඔවුන්ගේ followers සදහා notification එකක් යවනු ලබන අතර එසේ සිදුවන්නෙ නිර්මානයකරුවන් ඔවුන්ගේ චැනල් එකෙ පලමු පණිවිඩය යැවීමෙන් පසුවයි.

Mark Zuckerberg විසින් විස්තර කරපු ආකාරයට Messenger වල චැනල්ස් විශේෂාංගය චැට් ටැබ් එක තුල Channels ලෙස වෙනම තිබෙන ටැබ් එකක් ලෙස දක්නට ලැබෙනව. සහබාගිවන්නන් හට මෙම චැනල් mute කිරීමේ හැකියාව ලැබෙනව.

Meta පවසන්නේ දැන් විශේෂාංගයට ප්‍රවේශ විය හැකි ඕනෑම page admin කෙනෙකුට අවශ්‍ය නම් චැනල් එකක් ආරම්භ කළ හැකි බවයි. මෙම විශේෂාංගය තවමත් සැමටම ලබාදී නැහැ. නමුත් තවමත් broadcast channel එකක් විවෘත කිරීමට විකල්පය සොයාගත නොහැකි අයට දැනට waitlist එකට සම්බන්ධ වෙන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...