Home Tech News Explained Swipe gestures ඉවත් කර දමන WhatsApp
Explainedsocial mediaTech News

Swipe gestures ඉවත් කර දමන WhatsApp

Share
blank
Share

WhatsApp නිකුත් කරන beta release වලදි තමයි ඔවුන් නව විශේෂාංග වගේම සමහර පැරනි විශේෂාංග ඉවත් කිරීම වගේ දේවල් සිදුකරන්නෙ. ලගදි Android සදහා WhatsApp beta version 2.23.16.17 නිකුත් වුනා. එහි navigation bar එකෙ තිබෙන මෙනු අතර swipe කර මරුවෙන්න තිබුනු හැකියාව ඉවත් කර තිබෙනව. ඒවගෙම එහි මෙනු එක ඇපල් දුරකතන වල WhatsApp තිබෙන ආකාරයටම තිරයේ පහල කොටසේයි පිහිටා තියෙන්නෙ.

Android හි Material Design 3 මාර්ගෝපදේශ වලට අනුව nav bar එකමත swipe gestures සිදුකල නොහැකි බව WABetaInfo විසින් පවසා තිබෙනව. ඉතින් බොහෝදුරට stable update එක නිකුත් වෙන විටත් මෙම swipe කිරීමෙ හැකියාව ඉවත් වී තිබේවි.

WABetaInfo තව දුරටත් පවසා තිබුනෙ වැඩිම beta පරීක්ශයන් සංක්‍යාවකට පලමු වතාවට මෙනු එක තිරයෙ පහල තිබෙන අප්ඩේට් එක ලබාදුන් බවයි.

බොහොමයක් පරිශීලකයන් මෙම swipe gestures ඉවත් කිරීම සම්බන්දයෙන් අප්‍රසාදය පළ කර තිබෙනව. මීටපෙර Chats, Calls, Communities, සහ Status tabs අතර අපට පහසුවෙන් මාරු වීමෙ හැකියාව තිබුන. ඉතින් මේ swipe gestures ඉවත් කර තිබෙන අප්ඩේට් එක සියලුම පරිශීලකයන් සදහා නිකුත් කරයිද කියල තවමත් නිශ්චිත තොරතුරක් නැහැ.

ඔබත් swipe gestures ඉවත් වෙනවට අකමැති නම් ඇප් අප්ඩේට් සිදු නොකර සිටින්න පුලුවන්.  නමුත් මෙය තාවකාලික විසදුමක් පමනයි. දිගු කලක් අප්ඩේට් නොකර සිටීමෙන් compatibility ගැටලු ඇතිවිමෙ හැකියාවක් තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...