Home Tech News Samsung පරදා Foldable දුරකථනවල මුල් තැන Huawei ලබාගනී.
Tech News

Samsung පරදා Foldable දුරකථනවල මුල් තැන Huawei ලබාගනී.

Share
blank
Share

Huawei සමාගම නැවත වරක් 5G සහිත smart devices නිකුත් කිරීමට අවතීර්ණ වීමත් සමඟ ම පළමු වරට (foldable) ජංගම දුරකථන අතර මෙතෙක් ප්‍රථම ස්ථානයේ සිටි Samsung පරදවා ලෝකයේ මුල් ස්ථානයට පත්වී ඇත.

හොංකොං පදනම් වූ Counterpoint පර්යේෂණවලට අනුව පළමු කාර්තුවේදී චීනය පදනම් කරගත් Huaweiහි සමාගම සමස්ත foldable දුරකථන නැව්ගත කිරීම්වලින් 35%ක ප්‍රමාණයක් අත් කරගත් අතර එය වසර තුළ සියයට 21ක වැඩිවීමකි. Samsung සමාගමෙහි කොටස 35% සිට 23% දක්වා පහත වැටී ඇත. Honor සමාගමේ ද foldable නිෂ්පාදන නැව්ගත කිරීම 12%ක් දක්වා ඉහළ ගිය අතර එය තුන්වන් ස්ථානයට පත් විය.
counterpoint විශේෂයෙන් ගෙනහැර දක්වන පරිදි Huawei සමාගම 5G තාක්ෂණය ද සහිත ව 2023 සැප්තැම්බර් නිකුත් කරන ලද Huawei Mate X5 හා මෙම වසර මුලදී නිකුත් කරන ලද Pocket 2 clamshell යන නිෂ්පාදන පාරිභෝගික අවධානය Huawei foldable නිෂ්පාදන කෙරෙහි වැඩිවීමට හේතු වී ඇත.

පසුගිය කාලය තුළ Huawei සමාගමට පැනවුණු ඇමරිකානු සම්බාධක මත Huawei නිෂ්පාදනවල විකුණුම් පහත වැටුණු අතර, එය Huawei සැලසුම් කළ නවතම 5G අන්තර්ගත chipset එකක ආගමනයත් සමඟ ක්‍රමයෙන් නැවත යථා තත්වයට පත් වන්නට විය. මේ නිසා චීනය තුළ ද Huawei නිෂ්පාදන ඉල්ලුම නැවත ඉහළ යන්නට විය.

Soures :- asia.nikkei.com

Share

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...