Home Tech News Ai මොකක්ද මේ Cognitive Computing කියන්නෙ
AiExplainedTech News

මොකක්ද මේ Cognitive Computing කියන්නෙ

Share
blank
Share

මිනිස් මොළය ක්‍රියාත්මක වෙන්නාක් මෙන් ක්‍රියාත්මක විය හැකි විද්‍යුත් පරිපථ නිර්මාණය කිරීම, අලුත් විෂය ක්ෂේත්‍රයක්. කෘත්‍රිම බුද්ධි (Artificial Intelligence) යෙඳුම් ඇසුරෙන් Mind Simulation එකක් සැකසීම මෙම විෂයයෙහි පදනමයි. IBM සමාගම, මෙම විෂය පිළිබඳ සිටින ලොව ප්‍රධානම පර්යේෂන ආයතනයක්.

අපගේ මොළයෙන් කරන්නාක් මෙන් මහා පරිමාණයෙන් දත්ත විශ්ලේෂණය කිරීමටත්, ඒ ඇසුරෙන් තීරණය ගැනීමටත් සමත් පරිගණක නිර්මාණය කිරීමට IBM සමාගම වැඩ කරනව. මොළය තැනී ඇත්තේ ස්නායු සෛල හෙවත් නියුරෝන එකට ඇසිරීමෙන්. එම සෛල අතර ඉතා ඉක්මනින් තොරතුරු හුවමාරු කළ හැකි සේ විස්මය දනවන මනා සමායෝජනයක් තිබෙනව. එසේම නියුරෝන සියල්ල එක්ව ක්‍රියා කොට යම් අවස්ථාවකට ගැලපෙන සේ බුද්ධිමත් තීරන ගන්න පුලුවන්.

මෙසේ තොරතුරු හුවමාරු කරන්නේත් ඒවා සමායෝජනය කරන්නේත් රසායනික ප්‍රතික්‍රියා ඇසුරෙන්. IBM විද්‍යාඥයින් වෙහෙසෙන්නේ විද්‍යුත් ධාරා ඇසුරෙන් මෙම සමායෝජනය ඇති කොට, තොරතුරු මත පදනම්ව බුද්ධිමත් තීරණ ගත හැකි පද්ධතියක් සැකසීමටයි.

IBM සමාගම වෙනුවෙන් මේ පර්යේෂණය මෙහෙයවන්නේ එහි විද්‍යාඥයෙකු වෙන ධර්මේන්ද්‍ර මෝධා‍යි. ඇමෙරිකානු විශ්ව විද්‍යාල ගණනාවක ස්නායු ජීව විද්‍යාඥයින්, පරිගණක විද්‍යාඥයින් සහ මනෝ විද්‍යාඥයින් ගණනාවක් ඔහු සමඟ වැඩ කරනව.

කෘමීන්, ගොළුබෙල්ලන් වැනි සරල සතුන්ගේ ස්නායු අතර තොරතුරු හුවමාරු වෙන ආකාරය අනුකරණය කරන විද්‍යුත් පරිපථ විවිධ පර්යේෂකයින් විසින් දැනටමත් නිපදවා තිබෙනව. මේ දැනුමද ඇසුරු කොට ගෙන මීයෙකුගේ මොළයේ ඌරුව ගත් ආකෘතියක් ධර්මේන්ද්‍ර මෝධා ඇතුළු පර්යේෂකයින් විසින් තනා තිබෙනව. ඒ IBM Blue Gene සුපිරි පරිගණකයක් යොදා ගනිමින්. එහිදී මීයාගේ මොළය ප්‍රතිනිර්මාණය කළේ, ස්නායු සෛල හෙවත් නියුරෝන මිලියන 55 ක් එකිනෙකට සම්බන්ධ වූ විට හැසිරෙන ආකාරයට සුපිරි පරිගණකය ක්‍රියාත්මක කරමින්.

මිනිස් මොළයෙ වේගයෙන් ගණනය කිරීම, ප්‍රජානන පරිගණනය හෙවත් කොග්නිටිව් කොම්පියුටිං (Cognitive Computing) ලෙස හඳුන්වනව. එහෙත් මෙවැනි පරිගණක පද්ධයතියක් තවමත් නිර්මානය කර නැහැ. IBM සමාගම සැරසෙන්නේ ලොව පළමු වතාවට මෙවැනි කොග්නිටිව් කොම්පියුටිං උපාංගයක් තැනීමටයි.

කෙසේ වෙතත් අද තිබෙන කිසිම සුපිරි පරිගණකයක් මිනිස් මොළය තරම් වේගවත්වත්, කාර්යක්ෂමවත් නැහැ. වසර 2025 පමණ වෙන විටත් මිනිස් මොළයේ හැකියාව ඇති සුපිරි පරිගණක බිහි වෙනු ඇතැයි බොහෝ පර්යේෂකයෝ අපේක්ෂා කරනව. එම සුපිරි පරිගණක අද තිබෙන ඒවාට වඩා දහස් ගුණයක් වේගවත්. අද තිබෙන සුපිරි පරිගණක තත්පරයකදී ගණනය කිරීම් කෝටි ලක්ෂ හෙවත් ට්‍රිලියන ගණනක් කළ හැකි ඒවායි. මිනිස් මොළයට තත්පරයකදී ගණනය කිරීම් ට්‍රිලියන දහස් ගණනක් කරන්න පුලුවන්. එනම් මොළය තත්පරයකදී ගණනය කිරීම් ක්වින්ටිලියනයක් පමන කරනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

2 Comments

    • A quintillion is made by multiplying 1 billion by a billion. The above sentence means that the human brain is 20 times faster than supercomputers.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...