Press ESC to close

ළගදීම app theme color වෙනස් කිරීමේ හැකියාව Whatsapp වෙතින්

WhatsApp වෙතින් මෑත කාලයෙදි විවිධ වෙනස්කම් සිදුකරා. ඒ අතරින් අලුතෙන්ම ඔවුන් අත්හදා බලන නව විශේෂාංගය තමා ඇප් එකෙ තීම් කලර් මාරු කිරීමේ හැකියාව ලබාදීම. WABetaInfo හි දක්වා තිබුන විදියට දැනට iOS සදහා මෙම පහසුකම පරික්ශා කරමින් සිටිනව.

දැනට අපට මාරු කරන්න පුලුවන් light සහ dark modes පමනයි. ඒත් අනෙක් කොල වර්නයෙන් තිබෙන ප්‍රදේශ හෝ WhatsApp ලෝගෝ කලර් එක වෙනස් කරන්න දෙන්නැ. නමුත් මෙම අප්ඩේට් එක මගින් වර්ණ පහකින් ඇප් කලර් එක මාරු කිරීමේ හැකියාව තිබෙනව. මෙය iOS beta version 24.1.10.70 එක සමග එලිදක්වා තිබුනා.

Get Your Site Up with A2 Hosting

ඉහත ඔබට දැකිය හැකි පරිදි, අවම වශයෙන් දැනට තෝරා ගැනීමට විවිධ වර්ණ විකල්ප පහක් ඇත. ඊට අමතරව, නොකියවූ පණිවිඩ දර්ශකයේ මෙන්ම පණිවිඩ ලැබෙන වේලාවේ පෙනෙන පරිදි යෙදුම හරහා වර්ණය යොදන බව ද දක්නට ලැබෙනව. දැනට, යෙදුමට වර්ණ විකල්ප පහක් ඇති බව පෙනේ, එනම් කොළ, නිල්, සුදු, රෝස සහ දම්.

මීට අමතරව chat window එකෙ බබ්ල් වල වර්ණයත් වෙනස් කිරීමට මෙම අප්ඩේට් එකෙන් ඉඩ ලබාදෙනව. කෙසේනමුත් මෙම විශේෂාංග තවමත් සංවර්ධිත මට්ටමේ තිබෙන්නෙ. iOS beta පරිශීලකයන් සදහාවත් තවමත් මෙය නිකුත් වී නැහැ.

මෙම විශේෂාංගය ඇන්ඩ්‍රොයිඩ් සදහා පැමිනෙනවාද යන්න පිලිබදව සදහන් තවමත් දක්නට නැහැ. නමුත් බොහෝවිට පසුව මෙය ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහාත් ලබාදෙනු ඇත. මෙම විශේෂාංය නිකුත් වූ විට කලකට පසු ඔවුන් කල ප්‍රදාන නව වෙනස්කමක් බවට මෙය පත්වෙනව. මේ විදියට ඇප් කලර් එක මාරු කිරීමට වෙනත් මැසේජිං ඇප් කිහිපයක්ම දැනටමත් ඉඩ ලබාදෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *