Home Tech News ළගදීම app theme color වෙනස් කිරීමේ හැකියාව Whatsapp වෙතින්
Tech News

ළගදීම app theme color වෙනස් කිරීමේ හැකියාව Whatsapp වෙතින්

Share
blank
Share

WhatsApp වෙතින් මෑත කාලයෙදි විවිධ වෙනස්කම් සිදුකරා. ඒ අතරින් අලුතෙන්ම ඔවුන් අත්හදා බලන නව විශේෂාංගය තමා ඇප් එකෙ තීම් කලර් මාරු කිරීමේ හැකියාව ලබාදීම. WABetaInfo හි දක්වා තිබුන විදියට දැනට iOS සදහා මෙම පහසුකම පරික්ශා කරමින් සිටිනව.

දැනට අපට මාරු කරන්න පුලුවන් light සහ dark modes පමනයි. ඒත් අනෙක් කොල වර්නයෙන් තිබෙන ප්‍රදේශ හෝ WhatsApp ලෝගෝ කලර් එක වෙනස් කරන්න දෙන්නැ. නමුත් මෙම අප්ඩේට් එක මගින් වර්ණ පහකින් ඇප් කලර් එක මාරු කිරීමේ හැකියාව තිබෙනව. මෙය iOS beta version 24.1.10.70 එක සමග එලිදක්වා තිබුනා.

ඉහත ඔබට දැකිය හැකි පරිදි, අවම වශයෙන් දැනට තෝරා ගැනීමට විවිධ වර්ණ විකල්ප පහක් ඇත. ඊට අමතරව, නොකියවූ පණිවිඩ දර්ශකයේ මෙන්ම පණිවිඩ ලැබෙන වේලාවේ පෙනෙන පරිදි යෙදුම හරහා වර්ණය යොදන බව ද දක්නට ලැබෙනව. දැනට, යෙදුමට වර්ණ විකල්ප පහක් ඇති බව පෙනේ, එනම් කොළ, නිල්, සුදු, රෝස සහ දම්.

මීට අමතරව chat window එකෙ බබ්ල් වල වර්ණයත් වෙනස් කිරීමට මෙම අප්ඩේට් එකෙන් ඉඩ ලබාදෙනව. කෙසේනමුත් මෙම විශේෂාංග තවමත් සංවර්ධිත මට්ටමේ තිබෙන්නෙ. iOS beta පරිශීලකයන් සදහාවත් තවමත් මෙය නිකුත් වී නැහැ.

මෙම විශේෂාංගය ඇන්ඩ්‍රොයිඩ් සදහා පැමිනෙනවාද යන්න පිලිබදව සදහන් තවමත් දක්නට නැහැ. නමුත් බොහෝවිට පසුව මෙය ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහාත් ලබාදෙනු ඇත. මෙම විශේෂාංය නිකුත් වූ විට කලකට පසු ඔවුන් කල ප්‍රදාන නව වෙනස්කමක් බවට මෙය පත්වෙනව. මේ විදියට ඇප් කලර් එක මාරු කිරීමට වෙනත් මැසේජිං ඇප් කිහිපයක්ම දැනටමත් ඉඩ ලබාදෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...