Home Tech News META සමාගමේ සුල මුල
Tech News

META සමාගමේ සුල මුල

Share
blank
Share

Meta Platforms, Inc. යනු Facebook නමින් ලෝකයා හමුවට පැමිණී ලොව විශාලතම තාක්ෂණීක සමාගම් වලින් එකකි. 2004 දී Harvard විශ්වවිද්‍යාලයේ සිසුන් වූ Mark Zuckerberg, Eduardo Saverin, Dustin Moskovitz සහ Chris Hughes විසින් “TheFacebook” නමින් මෙය ආරම්භ කරන ලදි. මුලින්ම Harvard විශ්වවිද්‍යාලයේ සිසුන්ට පමණක් සීමා වූ මේ සමාජ ජාලය ඉක්මනින්ම වෙනත් විශ්වවිද්‍යාලවලටත්, පසුව පොදු ජනතාවටත් විවෘත වුණී.

Mark_Zuckerberg_F8_2019_Keynote_(32830578717)_(cropped).jpg
  • සිදුවූ සීඝ්‍ර වර්ධනය

2006 දී News Feed Option එක සහ 2009 දී “Like” Button එක හඳුන්වා දීමෙන් පසුව Facebook හි ජනප්‍රියත්වය ඉතා වේගයෙන් වර්ධනය වීමට ඇරබිණී. 2011 වන විට Facebook ලෝකයේ මිලියන 500කට අධික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ තෝතැන්නක් බවට පත් විය.

  • META විසින් මිලදී ගන්නා ලද වෙනත් ව්‍යාපාර

2012 දී Facebook IPO (Initial Public Offering) මගින් Instagram යෙදුමේ හිමිකාරිත්වය ඩොලර් බිලියනයකට මිලදී ගත් අතර 2014 දී WhatsApp යෙදුමේ හිමිකාරීත්වය ඩොලර් බිලියන දහ නවයකට සහ Oculus VR ව්‍යාපාරයද ඩොලර් බිලියනයකට ආසන්න මුදලකට මිලදී ගනිමින් META සමාගම ව්‍යාපාරික ලෝකයේ අනෙක් සියලු තාක්ෂණික සමගම් පරදවමින් තම ආධිපත්‍ය තව දුරටත් රඳවා තබා ගැනීමට සමත් විය.

WhatsApp, Instagram, Messenger, Facebook Apps Start Showing ‘Meta’ Branding
  • Metaverse වලට මාරු වීම

2021 ඔක්තෝම්බර් මාසයේ දී Facebook සමාගම Meta Platforms, Inc. ලෙස එයට නව නාමයක් ලබා දීමට කටයුතු කරන ලදි. මෙය “Metaverse” ( කෘතිම පරිසරයක් -Artificial Virtual Environment) නිර්මාණය කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් ලෙස සැලකේ. මෙහි දී Virtual Reality (VR) සහ Augmented Reality (AR) තාක්ෂණයන්ට විශේෂ අවධානයක් දෙන ලදි.

  • සාර්ථකත්වය

2023 දක්වා Meta සමාගම ලෝකයේ සක්‍රීය පරිශීලකයන් බිලියන හතරකට ආසන්න පිරිසක් රඳවා තබා ගත් අතර, වාර්ෂික ආදායම ඩොලර් බිලියන 134 කට වඩා වැඩි විය. 2024 වර්ෂය ආරම්භයේදී Meta සමාගම පළවෙනි වතාවට කොටස් හිමියන්ට ලාභ අනුපාතයක් (dividend) ප්‍රකාශ කළ අතර, එහි වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියනය ඉක්මවා ගියේය.

Meta සමාගම AI සහ Metaverse තාක්ෂණයන් එක් කරමින් අනාගතයේ අන්තර්ජාලය කනපිට හැරවීමට සමත් වන බව නිසැකය.

A gathering of robots in business suits.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...