Home Games ඇයි GTA 6 හදන්න මෙච්චර කල් ගන්නෙ ?
GamesTech News

ඇයි GTA 6 හදන්න මෙච්චර කල් ගන්නෙ ?

Share
blank
Share

GTA 6 පිළිබඳ announcement  එක gaming community එක පුරා කැලබීමක් ඇති කරා. නමුත් එම උද්යොගය දැන් ආයෙත් නොවිසිලිමත් කමක් බවට පත්වෙලා තියෙනවා, ඔවුන් දෙවන trailer එක නිකුත් කිරිමෙන් පසුව. GTA 6  හැමදාටම develop වෙන එකක් කියල දැනෙන්නෙ ඇයි? Rockstar සමාගම ඕනෙවට වඩා කලයක් ගන්නවද? නැත්නම් මෙය නවීන game development ක්‍රියාවලියේ සාමාන්‍ය තත්ත්වයක්ද?

අද අපි බලමු GTA 6 මෙතරම් කාලයක් ගන්නා හේතු මොනවාදැයි — සහ මෙච්චර කල් ගැනිම සාධාරණයක් වෙන්න පුළුවන්ද කියලා.

🎮 අද ගේම් එකක පරාසය (Scope) ඉතා විශාලයි

2013දී GTA V නිකුත් වුනේ විශාලම Open World Game එකක් ලෙසයි. නමුත් GTA 6 සදහා අද players ලගෙ අපේක්ෂාවන් ගොඩක් වැඩි වෙලා:

  • විශාල ලෝකයක් ( A large map)
  • වැඩිමට්ටමේ AI ක්‍රම ( AI non player characters, etc)
  • Real life (Hyper-realistic) ග්‍රැෆික්
  • සජීවී පරිසර (Most interactive environment)
  • සජීවී මල්ටිප්ලෙයර් ක්‍රම (More than GTA 5 online)
  • වැඩි චරිත සහිත විස්තරාත්මක කතාවක්

මෙම සියල්ලම නිවැරදිව ක්‍රියාත්මක වීමට අවශ්‍යය තාක්ෂණය නිර්මාණය කරමින්(ඔවුන් ඔවුන්ගෙම game engine එකක් භාවිත කරන නිසා) ඒවා එකට එකතු කිරීම සඳහා වසර ගණනාවක් ගත වෙනවා.

🧠 Rockstar ලගෙ Culture of Perfectionism

Rockstar Games හැමවෙලාවෙම එක දෙයක් වෙනුවෙන් ලොව ප්‍රසිද්ද වෙලා තියෙනවා ඒ තමයි — ගුණාත්මකභාවය

ඔවුන් නිතර ගේම් නිකුත් කරන්නේ නැහැ. ඔවුන් game එකක් release විට එක cinematic, details and stable අතින් ඉතාම ඉහලයි. අනිවාරෙන් game industry එකෙ අලුත් benchmarks හදනවා.

ඔවුන් අන්තිමට release කරලා තියන Red Dead Redemption 2 සඳහා වසර 8ක් ගත වුණා.

GTA 6 develop කිරීමට ඔවුන් ඉතා විශාල modern technology ප්‍රමාණයක් යොදාගන්නවා.. ඒ නිසා තවත් ටික කාලයක් වැය වීම සාමාන්‍යයි.

🛠️ තාක්ෂණික උපකරණ සහ Game engine සංවර්ධනය

GTA 6 සඳහා Rockstar ගේ අලුත් RAGE engine එකක් භාවිතා කරන බව පැවසේ.

නව තාක්ෂණ සහ නව Computers/Consoles සඳහා (PS5, Xbox Series X/S) ක්‍රමවත් engine එකක් නිර්මාණය කිරීමේ දී මෙවැනි දේ සලකා බැලිය යුතුයි:

  • භෞතික පද්ධති – Physics of game (game එකක ඉතාමත් වටිනම දෙයක්)
  • AI ක්‍රියාකාරීත්වය
  • ආලෝකකරණය – Lighting (game එකක තවත් වටිනම දෙයක්)
  • Multiplayer

Better tools = better games, නමුත් විශාල කාලයක් වැයවන වැඩක්.

🌍 COVID-19 වසංගතයේ බලපෑම

COVID-19 වසංගතය සමඟ Rockstar ඇතුළු බොහෝ සමාගම්, Work from home වලට (remote work) මාරු වුණා. Motion capture, Testing, Team coordination වැනි අංශ පවා ලොකු බල පැමක් එල්ල උනා.මේ හේතුවෙන් සංවර්ධන වේගය පැහැදිලිවම අඩු උනා.

💰 ආයෝජකයන්ගේ පීඩනය vs. ගුණාත්මකත්වය

ආයෝජකයන් GTA 6 ඉක්මනින් නිකුත් වීම බලාපොරොත්තු වුණත්, Rockstar සමාගම ඔවුන්ගෙ brand name එකට සහ විශ්වාසයට හානි වෙන්න නොදි කටයුතු කරනවා.

Cyberpunk 2077 වැනි large scale game එකක් ඉතා ඉක්මනට නිකුත් වුනද නිකුත් වීමෙන් පසුව විශාල විවේචනයකට ලක් වුණා. Rockstar එවැනි අවදානම් ගැනිමට සුදානම් නැ.

🏁 එහෙනම් අපිට GTA 6 play කරන්න පුළුවන් වෙන්නේ කවදද?

Rockstar සඳහන් කළේ GTA 6 2026 වසරේ නිකුත් වීමට නියමිත බවයි. එවිට GTA V නිකුත් වී වසර 13ක් වෙනවා.

ඒක ස්තිරවම දිග කාලයක් — නමුත් නව යුගයක හොදම ගේම් එකක් නිර්මාණය කිරීම සඳහා ඒ කාලය සාධාරණවම වැය වෙනවා.

📌 අවසන් අදහස්

GTA 6 කියන්නේ සාමාන්‍ය Game එකක් නෙමෙයි  මෙක මුලු game community එකම බලාගෙන ඉන්න game එකක්.

මෙතෙක් ප්‍රමාද වීම පිළිබඳව අසතුටු වුණත්, එය ස්තිරවම හොද game එකක experience ලබා ගන්න කරන ආයොජනක් වෙවි.

අද Triple-A Game එකක් නිර්මාණය කිරීමේදී අවශ්‍යම දේවල් තුනක් තමයි: කාලය, නවීන තාක්ෂණය සහ නිවැරදි වැඩපටිපාටිය. Rockstar මේ සියල්ලම ඉතා හොදින් කලමණාකරණය කරගෙන යනවා.

ඔවුන් සාර්ථකව game එක නිකුත් කළොත් අපිට එතෙක් ගත කළ කාලය අමතක වීයාවි.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...