Home Tech News cyber security Huawei 5g වලට ඉන්දියාවෙන් කොළ එළියක්
cyber securityPhonesTech News

Huawei 5g වලට ඉන්දියාවෙන් කොළ එළියක්

Share
blank
Share

ලෝකයේ දෙවෙනි විශාලතම Internet market එක වෙන ඉන්දියාව Huawei සමාගමේ 5G තාක්ෂණය තමන්ගේ රට තුල අත්හදා බැලීම් කිරීමට අවසර ලබාදී තිබෙනවා. ඇමරිකානු සම්භාධක සමග වෙනත් රටවල 5G සේවා වලින් ඉවත්වීමේ අවධානමක සිටින Huawei සමාගමට මෙය ඉතා විශාල අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.

ඉන්දියානු තාක්ෂණ හා සන්නිවේදන කටයුතු භාර අමාත්‍යවරයා වන රවී ෂන්කර් ප්‍රසාද් විසින් පැවසූ ආකාරයට ඉන්දියාව විසින් 5G තාක්ෂණ්‍ය තම රට තුල අත්හදා බැලීමට දැනට 5G තාක්ෂණ සේවා සපයන්නන් සියල්ලන්ටම අවස්ථාව ලබාදී තිබෙනව.

ඇමරිකාව විසින් Huawei සමාගමේ තාක්ෂණික උපාංග අනෙක් රටවල් වල ඔත්තු බැලීම සදහා යොදාගන්නා බවට අනතුරු අගවා ඇති පසුබිකදී ලෝකයේ දෙවෙනි විශාලතම වෙළදපලින් ලැබෙන මේ ඇරයුම huawei සමාගමට තමන්ගේ උපකරණ එසේ නොවන බවට ඔප්පු කිරීමට ලැබුන අවශ්ථාවක් ද වෙනවා.

මිලියන 600කට ආසන්න අන්තර්ජාල පරිශීලකයන් ප්‍රමාණයක් සමග චීනයට පමණක් දෙවෙනි වන අති දැවැන්ත වෙළදපලක් සහිත් ඉන්දියාව මුල සිටම huawei සමාගම සමග ඉතා හොද සම්බන්ධතාවක් පවත්වා ගත් අතර මේ ඇරයුමත් සමග ඒ සම්බන්ධය තවත් ශක්තිමත් කරගෙන තිබෙනවා.

ඇමරිකානු සම්භාධක හමුවේත් පසුගිය වසරේ Huawei සමාගමේ වාර්ථාගත වර්ධනයක් සිදුවූ අතර දැනට රටවල් 50ක් පමණ සමග 5G තාක්ෂණ ගිවිසුම් ඇතිකරගෙන තිබෙනවා. මේ අතර ඉන්දියාවෙන් ලැබුනු මේ අවසරය Huawei සමාගමට 2020දී ලැබුණ දෙවෙනි ජයග්‍රහණය වනවා. මීට පෙර ජර්මනියේ පිහිටි සන්නිවේදන සමාගමක් තමන් Huawei සමාගම සමග කටයුතු කිරීමට සූදානම් බව පැවසීම ඔවුන් 2020ට ලැබූ  පළමු ජයග්‍රහණය වනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...