Home Tech News gadgets අලුත්ම GoPro Hero10 Black
gadgetsTech News

අලුත්ම GoPro Hero10 Black

Share
blank
Share

GoPro ආයතනය තමන්ගෙ අලුත්ම action camera ව මේ වෙද්දි හඳුන්වලා දීලා තියනවා. 23.6 MP sensor එකක් සහිතව එන GoPro Hero10 Black අඩු ආලෝක තත්ව යටතේ හොඳින් ක්‍රියාත්මක වෙන්න design කරලයි තියෙන්නෙ. Video recording වලදි 5.3K quality එකෙන් 60fps record කරන්න හැකියාව ලබාදීල තියනවා, ඒ වගේම 4K quality එකෙන් 120fps වලිනුත් 2.7K quality එකෙන් 240fps විදිහටත් video record කරන්න මේ අලුත් GoPro Hero10 Black කැමරා එකෙන් පුලුවන්. අලුත් GP2 chip එකකින් බලගැන්වෙන මේ කැමරාවට අලුත් video algorithms ක්‍රියාත්මක කරන්න වගේම 3D noise reduction පහසුකමත් ඇතුලත් වෙනවා. මේ අලුත් chip එක නිසා slow motion videos වඩාත් වැඩි fps ප්‍රමාණයකින් record කරන්න මේ කැමරාවට පුලුවන්.

Hero10 කැමරාවෙ මූලික design එක Hero9 වලට සමාන වුනත් බර 153g අඩුයි. අලුත් model එකේ කලින් වගේම LCD screens දෙකක් දකින්න පුලුවන්. ඉදිරියෙන් තියන display එකේ frame rates ගණන වැඩි කරල තියන නිසා තමන් record කරන දේ වඩාත් smooth විදිහට දැකගන්න හැකියාව ලැබිල තියනවා. මේ කැමරාව charge වෙද්දි subscription එකක් තියනවනම් තමන් capture කරපු සහ record කරපු දේවල් GoPro cloud එකට auto upload වෙන්නත් setup කරන්න පුලුවන්.

අලුත් GoPro Hero10 කැමරාව භාවිතා කරල 1080p quality එකෙන් livestream කිරීමේ හැකියාව තියනවා. මේ විදිහට livestream කරනකොට video එකේ stabilize එක වැඩි කරගන්න HyperSmooth 4.0 පහසුකමත් ලබාදීල තියනවා. මේ කැමරාවට modes රාශියක් ඇතුලත්, HindSight, LiveBurst, Scheduled Capture, සහ Duration Capture එයින් කිහිපයක්. අලුතෙන් හඳුන්වා දුන්න Webcam Mode එක භාවිතා කරල මේ Hero10 action camera එක quality එකෙන් වැඩි webcam එකක් විදිහටත් භාවිතා කරන්න පුලුවන්. wind-noise reduction හැකියාව තියන mics තුනකුත් මේ කැමරාව සතුයි. USB-C මගින් charge වෙන 1720mAh ක removable battery එකකුත් මේ අලුත් model එකට ඇතුලත් කරල තියනවා.

කලින් මිලදී ඇරන් තිබුන GoPro Mods වැඩි කොටසක් අලුත් Hero10 කැමරාවටත් සවි කරන්න පුලුවන් කියල GoPro ආයතනය සඳහන් කරනවා. GoPro Hero10 කැමරාවෙ ආරම්භක මිල ඇමරිකානු ඩොලර් 499ක් වෙනවා, GoPro Subscription එකක් තියනවනම් ඩොලර් 100ක discount එකක් ලබාගන්න පුලුවන්.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...