Press ESC to close

Google ආයතනයෙන් AR Headset එකක්

Google සමාගම විසින් 2024 දී එලි දැක්වීමේ බලාපොරොත්තු ඇතිව ‘Project Iris’ නැමැති කේත නාමයෙන් යුක්ත  AR හෙඩ්සෙට් එකක වැඩ පටන් ගෙන තිබේ.Meta සහ Apple මගින් ඉදිරියට එන හෙඩ්සෙට් මෙන්ම Google හි මෙම උපාංගයද Snap සහ Magic Leap වැනි දැනට පවතින AR වීදුරු වලට වඩා ගැඹුරු මෙන්ම මිශ්‍ර රියැලිටි අත්දැකීමක් ලබා   ගැනීමේ අරමුණු ඇතිව නිර්මාණය වේ.

මෙහි පිටතට මුහුනලා ඇති කැමරාව මගින් සැබෑ ලෝකයේ වීඩියෝ Feed එකක් සමග පරිගණක ග්‍රැෆික්ස් මිශ්‍ර කර පරිශීලකයාට ඉතා අද්විතීය අද්දැකීමක් ලබා ගැනීමට උපකාරී වේ.කෙසේ වෙතත් මෙය තවමත් සංවර්ධනයේ මුල් අවදියේ පවතී.මේ සදහා Google pixel ස්මාර්ට් ජංගම දුරකතනයේ වැනි එයටම ආවේණික වූ google ප්‍රොසෙසරයකින් බල ගැන් වන අතර Android මත ධාවනය වේ.

Get Your Site Up with A2 Hosting

Google සමාගමේ ප්‍රධාන විදායක නිලධාරී වන Sundar Pichai පවසා ඇත්තේ ඔවුන් AR සමගින් සිතමින් සිටින බවත් එය ඔවුන් සදහා හොද අයෝජන ක්ෂේත්‍රයක් වනු ඇති බවත්ය.කෙසේ වෙතත් AR සහ VR සදහා දැනටමත් ඩොලර් බිලියන 10 ක් පමණ වැය කරන Meta තරම් ආක්‍රමණශීලී ලෙස Google  ආයෝජන කරන්නේද යන්න පිලිබද තවමත් පැහැදිලි නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *