Home Tech News Google ආයතනයෙන් AR Headset එකක්
Tech News

Google ආයතනයෙන් AR Headset එකක්

Share
blank
Share

Google සමාගම විසින් 2024 දී එලි දැක්වීමේ බලාපොරොත්තු ඇතිව ‘Project Iris’ නැමැති කේත නාමයෙන් යුක්ත  AR හෙඩ්සෙට් එකක වැඩ පටන් ගෙන තිබේ.Meta සහ Apple මගින් ඉදිරියට එන හෙඩ්සෙට් මෙන්ම Google හි මෙම උපාංගයද Snap සහ Magic Leap වැනි දැනට පවතින AR වීදුරු වලට වඩා ගැඹුරු මෙන්ම මිශ්‍ර රියැලිටි අත්දැකීමක් ලබා   ගැනීමේ අරමුණු ඇතිව නිර්මාණය වේ.

මෙහි පිටතට මුහුනලා ඇති කැමරාව මගින් සැබෑ ලෝකයේ වීඩියෝ Feed එකක් සමග පරිගණක ග්‍රැෆික්ස් මිශ්‍ර කර පරිශීලකයාට ඉතා අද්විතීය අද්දැකීමක් ලබා ගැනීමට උපකාරී වේ.කෙසේ වෙතත් මෙය තවමත් සංවර්ධනයේ මුල් අවදියේ පවතී.මේ සදහා Google pixel ස්මාර්ට් ජංගම දුරකතනයේ වැනි එයටම ආවේණික වූ google ප්‍රොසෙසරයකින් බල ගැන් වන අතර Android මත ධාවනය වේ.

Google සමාගමේ ප්‍රධාන විදායක නිලධාරී වන Sundar Pichai පවසා ඇත්තේ ඔවුන් AR සමගින් සිතමින් සිටින බවත් එය ඔවුන් සදහා හොද අයෝජන ක්ෂේත්‍රයක් වනු ඇති බවත්ය.කෙසේ වෙතත් AR සහ VR සදහා දැනටමත් ඩොලර් බිලියන 10 ක් පමණ වැය කරන Meta තරම් ආක්‍රමණශීලී ලෙස Google  ආයෝජන කරන්නේද යන්න පිලිබද තවමත් පැහැදිලි නැත.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...