Home Tech News software Intel සමාගම විසින් හදුන්වා දෙන නව Unison app එක
softwareTech NewsUpdates

Intel සමාගම විසින් හදුන්වා දෙන නව Unison app එක

Share
blank
Share

Apple MacOS පරිගනක වල වසර කිහිපයක සිට තිබෙන iPhone සමග සම්බන්ද වී සිදුකරන file sharing, text massaging වැනි ක්‍රියාවන් Intel පරිගණක මගිනුත් සිදු කිරීමට දැන් හැකියාව පවතිනව. ඒ Intel සමාගම විසින් තම පරිගනක වෙත හදුන්වා දෙන Unison නම් යෙදුම මගිනි. මෙහි විශේෂත්වය වන්නේ මෙම යෙදුම Android හා iOS යන මෙහෙයුම් පද්ධති දෙකටම සහය දැක්වීමයි.

Intel Windows පරිගනකවල මෙම Unison යෙදුම මගින් කාර්යයන් කිහිපයක් කරගැනීමට පුලුවන්. Text messaging, call answering වැනි ක්‍රියාවන් හැසිරවීමට මෙම යෙදුමට හැකි අතර Windows පරිගණක මගින් පණිවිඩ යැවීමට කැමති iPhone භාවිතා කරන්නන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම යෙදුමේ විශේෂිතම ලක්ශනය වන්නේ file sharing පහසුකම ලබාදීමයි. මෙහි සංවර්ධකයින්ට අනුව Unison මගින් දුරකථන සහ පරිගණක අතර වේගවත් ගොනු හුවමාරුවක් ලබාදෙන බව දැක්වෙනව. Unison මගින් දුරකතනයේ ඇති ඡායාරූප පමනක් නොව වෙනත් ඕනෑම ගොනුවක් හුවමාරු කිරීමට පහසුකම් සලසනව. Unison තෝරාගත් 12th Gen Evo PC කිහිපයක් වෙත නිකුත් කරන බව Josh Newman (Intel’s VP of mobile innovation) පවසනව. මෙම යෙදුම ඉක්මනින්ම Acer, HP, සහ Lenovo පරිගණක වල දක්නට හැකිවේවි. Newman වැඩිදුරටත් පවසා ඇත්තේ Unison ලබන වසරේ මුලදී, 13th Gen Evo පද්ධති සදහාද සහය දක්වන ලෙස වැඩිදියුනු කරන බවයි.

පැරණි දෘඪාංග සහිත පරිගණක සමග මෙම යෙදුම කෙසේ සහය දක්වනේදැයි සදහනක් නොමැති අතර සීමිත නව Intel පරිගණක කිහිපයක පමනක් මෙම යෙදුම දැකගත හැකිවනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...