MSI Geforce GTX 1050Ti – GamingX card Unboxing
Gaming වලට VGA එකක් ගන්න plan කරනවද? එහෙනම් මේ VGA එක ඔයාට ගැලපෙන්න පුලුවන්. eSports 1080p gaming segment එකට target කරල තියෙන මේ Graphics card එක තමයි MSI Geforce GTX 1050Ti – GamingX කියන්නෙ.
Unboxing Package එක
- MSI GTX 1050Ti – Gaming X card එක
- Software installation DVD එක
- Gaming X / MSI Stickers
Features
MSI Geforce GTX 1050Ti – GamingX කියන්නෙ Factory overclock කරල එන Card එකක්. ඒ වගේම මේකෙ Default profiles 3ක් තියෙනව. OC Mode / Gaming Mode / Silent Mode විදිහට නම් කරල තියෙන මේ එක එක mode එකේදි පහත වගුවෙ විදිහට clock speeds වෙනස් වෙනව.
Mode | Boost Clock | Base Clock | Memory Frequency |
---|---|---|---|
(OC Mode) | 1493 MHz | 1379 MHz | 7108 MHz |
(Gaming Mode) | 1468 MHz | 1354 MHz | 7008 MHz |
(Silent Mode) | 1392 MHz | 1290 MHz | 7008 MHz |
මේ Card එකේ outputs වෙන්නෙ
- DisplayPort x 1
- HDMI x 1
- Dual-link DVI-D x 1
Shading units 768ක් 128-bit memory bus එකක් සහ 4GB DDR5 Graphics memory එකක් තියෙන මේ card එකේ core chip එක pascal Architecture එකට අයිති වෙනව. Direct X 12, Open GL 4.5 support එකත් Nvidia features වෙන GameWorks™, 360 degree image capture අඩංගු වෙනව.
අපේ unboxing video එකත් බලන්න.
ඒ වගේම MSIලගෙ patented TORX 2.0 FAN technology එක සහ TWIN FORCE VI Heat Sink Design එකත් මේ Card එකේ තියෙනව. මේ නිසා Fan වලින් 22%ක් වැඩිපුර හුලං ප්‍රමාණයක් Heat sink එකට push කරන්න පුලුවන්. ඒ වගේම Zero Frozr කියන technology එකත් මේ card එකේ තියෙනව. මෙකෙන් Card එක සෙල්ශියස් අංශක 60ක් රත්වෙනකම් Fans වැඩ කරන්නෙ නැහැ. මේ නිසා Movies, Office වැඩ intenet browsing වගෙ වැඩවලදි silent විදිහට තියෙනව.
Card එකේ aesthetics අතින් ගත්තොත් 2වෙනි Fan එක ලග රතු පාට LED line එකක් සහ card එකේ උඩින් MSI logo එක සුදු පාට LED එකකින් illuminate කරල තියෙනව. මේ colors මාරු කරන්න බැරි උනාට MSI App එක හරහා pulse වෙන විදිහට වෙනස් කරන්න පුලුවන්.
MSI Gaming App
මේකෙන් ඔයාලට Card එකේ ගොඩක් තොරතුරු බලන්න පුලුවන් වගේම දීල තියෙන overclocking modes අතර පහසුවෙන් මාරුවෙන්නත් පුලුවන්. ඒ වගේම Gaming වලදි GPU Core, DRAM Frequency, GPU & CPU Temperatures වගේ දේවල් screen එකේ Display කරන්නත් පුලුවන්. තවත් විශේෂත්වයක් තමයි මේ App එක ඔයාලගේ Android, Apple phone වලට Download කරගෙන ඒ හරහාත් මේ modes මාරු කරන්න පුලුවන් වීම.
MSI Afterburner
ලෝකයෙම ප්‍රසිද්ධ MSI Afterburner පාවිච්චි කරල ඔයාලට card එක overclock කරන්නත් පුලුවන්කම තියෙනව. ගොඩක් වෙලාවට gaming සහ hardware enthusiastsල කරන මේ overclocking කරන්න හොද දැනීමක් සහ අවබෝධයක් තියෙන්න ඕන, මොකද නොදැන මේ settings වෙනස් කරන්න ගිහින් Card එක පිච්චෙන්න පුලුවන්.
Power
මේකට වෙනම External 6-Pin power Connector එකකින් power දෙන්න ඕන. 300Watt Power Supply එකක් ප්‍රමාණවත් කියල MSI Website page එකේ සදහන් කරල තියෙනව.
මිල
අවුරුදු 3ක warranty එකක් එක්ක දැනට රු 30,000කට ගන්න පුලුවන් මේ card එක 1080p gaming වලට හොද ආයෝජනයක්.
2 Comments