Home Tech News Ai ගූගල් සමාගමෙන් භාශා පරිවර්තනය කලහැකි ඇස් පළදනාවක් එයි
AiHardwareTech News

ගූගල් සමාගමෙන් භාශා පරිවර්තනය කලහැකි ඇස් පළදනාවක් එයි

Share
blank
Share

ගූගල් සමාගම, සාමාන්‍ය අන්තර්ජාල සේවා සැපයීමේ වැඩවලට අමතර වශයෙන් දැන් අනාගතයට ඔබින තාක්ෂණික උපාංග තැනීමේ වැඩවලට අත ගසා තිබෙනව. ඒවා අතරින් අලුතින්ම නිපදවා ඇති උපාංගය, භාෂා පරිවර්තක ඇස් පළඳනාවක්.

මෙම ඇස් පළඳනාව සාමාන්‍ය ඇස් කන්නාඩි යුගලයක් මෙන් පළඳා ගෙන සිටින විට ඉදිරියෙන් සාමාන්‍ය පරිසරය පෙනෙනව. ඒ අතරම එම පසුබිම මත වගන්තිද පෙනෙනව. මෙම වගන්තිවලින් පෙන්වන්නේ තමා ඉදිරියේ සිටින්නෙක්ගේ කතාවේ පරිවර්තනයක්.

භාෂා පරිවර්තක ඇස් පළඳනාව පැළැද සිටින්නා නොදන්නා භාෂාවකින් ඔහු ඉදිරියේ සිටින්නා කතා කරන්නේ යැයි සිතන්න. එවිට, පැළැඳ සිටින්නා දන්නා භාෂාවකට එම කතාව පරිවර්තනය කර ගත හැක. එම කතාවේ පරිවර්තනය පසුබිමින් පෙන්වනව. එය පෙනෙන්නේ හරියට චිත්‍රපටයක උපසිරැසි සටහනක් සේය. එකිනෙකා නොදන්නා භාෂා දෙකක් කතා කරන දෙදෙනෙක් මෙම භාෂා පරිවර්තක ඇස් පළඳනා පැළැඳ සිටින විට, භාෂා බාධකය මඟ හරිමින් ඒ දෙදෙනාට සංවාදයේ යෙදෙන්න පුලුවන්.

මෙම ඇස් පළඳනාව කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන්නක්. එහිදී වර්චුවල් රියැලිටි (VR – Virtual Reality) තාක්ෂණය මෙන්ම AR – Augmented Reality තාක්ෂණයත් යොදා ගැනෙනව. සැබැවින් නොපවතින වටපිටාවක් පරිගණකගත උපාංග හෝ වෙනත් උපාංග හෝ යොදා ගෙන නිර්මාණය කර (simulate) පෙන්වූ විට එම පරිසරය අතත්‍ය (එනම් නොපවතින) යථාර්ථ (එනම් සැබෑවක් සේ පෙනෙන) පරිසරයක්. මෙම පරිසරය Virtual Reality සහ Augmented Reality යන ඉංග්‍රීසි යෙදුම් වලින් හඳුන්වනව.

මෙම තාක්ෂණයෙන් ඉදිරිපත් කොට පෙන්වන පරිසරයේදීත් සැබෑ ලෝකයේදී දකින අත්විදින ආකාරයටම වස්තු පෙන්වනව. එහෙත් ඒවා ස්පර්ශයට දැනෙන්නේ නැති ඒවා බව සිහියේ තබා ගත යුතුයි. මෙය සැබැවින්ම සිතට දැනෙන මුත් කයට නොදැනෙන දෘෂ්ටි මායා පරිසරයක්. එනම් මෙම අතාත්වික පරිසරයේ මූලික ලක්ෂණ දෙකක් තිබෙනව.

සැබෑ ප්‍රමාණයෙන්, වර්ණයෙන් සහ සැබෑ මාන ඇතිව පිහිටීම අතින් මෙහි පෙන්වන දේ සියල්ල ස්වභාවික තත්වයම ගන්නව. එහි ඇති වස්තු සියල්ල එය දකින්නාගේ (user) අභින සමග සම්බන්ධව ක්‍රියාත්මක වෙනව. එනම් අතෙහි චලනය, හිසේ චලනය, ඇස්වල චලනය යනාදියට ප්‍රතිචාර දක්වමින් අතාත්වික පරිසරය මැවෙනව.

සැබෑ පරිසරය පෙනෙන අතරම ඒ මතට ඩිජිටල් වශයෙන් දියුණු කළ යම් යම් යෙඳුම් එක් කර පෙන්වීම ඒආර් යෙඳුමක්. එනම්, ස්වභාවික පරිසරය විනිවිද පෙනෙන සේ විවිධ මෙනු, ඩිස්ප්ලේ යනාදිය පිහිටුවීමයි. ස්මාට් ග්ලාස්වලදී කරන්නේ එයයි. එනම් අලුත් භාෂා පරිවර්තක ඇස් පළඳනාවත් මෙවැනි ස්මාට් ග්ලාස් එකකි. එසේ නොව ස්වභාවික පරිසරයෙන් ඉවත්ව සම්පූර්ණයෙන්ම මැවූ පරිසරයක් තුළ හැසිරෙන්නාක් සේ දැනෙන පරිදි මායා ලොවක් මැවීම වීආර් යෙඳුමකි. හෙඩ්සෙට් උපාංගවලින් පෙනෙන්නේ එම පරිසරයයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...