ඔයාලා Gemini AI එක භාවිතා කරනවා නම්, මේ news එක ඔයාලටත් වැදගත් වෙන්න පුළුවන්. ගූගල් දැන් Gemini 3 Pro model එකේ නොමිලේ ලබාදෙන image generate වලට තියෙන access limits ටික වෙනස් කරලා තියෙනවා. ඇත්තටම මේක කරල තියෙන්නෙ අධික ඉල්ලුම නිසා.
Google සමාගමේ අලුත්ම advanced AI model එක තමයි, Gemini 3 Pro කියන්නේ. මේකත් අනෙක් මොඩ්ල් වගේම වගේම text, image generation, coding වගේ tasks වලට ඉතාමත් කාර්යක්ශමව වැඩ කරන මොඩ්ල් එකක්. නොමිලේ බාවිතා කරන්න Gemini 3 Pro access ලබාදීල තිබුනත්, ඒ limits එක්ක. ඒ ඒකෙන් server overload වෙන්නේ නැතිව කාර්යක්ශම සේවාවක් ලබාදෙන්න.
මීටකලින් නොමිලේ ලබාදුන්නෙ daily queries 50ක් විතරයි. දැන් ගූගල් නිවේදනය කරලා තියෙනවා, free access එක daily 20 queries දක්වා අඩු කරලා කියල. ඒ වගේම, සංකීර්ණ වැඩ වලට (image analysis හෝ long code generation) වෙනම hourly limits එකතු කරලා. මේක Gemini app, web version, සහ Android/iOS integrations වලට අදාල වෙනවා. Google AI Studio වලටත් මේ දේවල් අදාල වෙනවා.
Gemini 3 Pro එකේ හැකියාවන් නිසා (උදාහරණයකට, multimodal inputs handle කිරීම) විශාල වශයෙන් පරිශීලකයන් මේක බාවිතා කරන්න අරගෙන. Google සමාගමෙන් පවසා තිබෙන්නෙ service quality එක පවත්වාගෙන යන්න මේ වෙනස්කම් සිදුකරන අතර, මුදල් දී ලබාගන්න තියන සංස්කරණ වලට upgrade වෙන්න දිරිගැන්වීමක් කරන්නත් කියල.” Gemini Advanced සංස්කරණය මසකට $20 වෙනවා.














Leave a comment