Press ESC to close

පාර්ලිමේන්තුවට ගිය Online Meeting!

තාක්ෂණයේ භාවිතය ගැන අළුත්ම පුවතක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙන් වාර්ථා වෙනව. මේ තමයි Online Meetings විදිහට පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීම. මෙතෙක් කල් තාක්ෂණය භාවිතා කරමින් කල හැකිව තිබූ නොයෙක් ආකාරයේ රැස්වීම් සාකච්ඡා ආදියට මෙලෙස රටේ ඉහලින්ම ලැබෙන ආදර්ශය වැදගත් එකක් වෙනව.

රැස්වීමක් පැවැත්වීමට ප්‍රධාන හේතුව වන්නෙ යම් අරමුණක් සදහා තීරණ ගැනීමට අදහස් හුවමාරු කරගැනීමට සුදුසු අවස්ථාවක් උදා කරගැනීමයි. COVID 19 වසංගත කාලය හා ඉන් පසු ඇතිවූ තත්ව යටතේ මෙන්ම මින් පෙරද බොහෝ රටවල් Online Meeting ක්‍රමය ඉහල පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික සාක්ච්ඡා සදහා යොදාගත්තා. මෙවන් පසුබිමක් තුල – 2022 මැයි මාසයේ රටේ පවතින තත්වය යටතේ පාර්ලිමේන්තුවට ආරක්ෂාකාරීව රැස්වීමට ඇති බාධාවන් නිසා එය කල් දමන බව ගරු කථානායකවරයා නිවේදනය කිරීමත් සමග බොහෝ දෙනා Social Media තුල මෙයට විරෝධය දක්වා තිබුනා.

Get Your Site Up with A2 Hosting

මෙහි ප්‍රතිඵලයක් ලෙස 2022 05 11 දින සවස Online Meeting එකක් ලෙස Zoom හරහා රැස්වීම පවත්වන බවට කථානායකවරයා ප්‍රකාශ්‍යක් නිකුත් කර තිබෙනව. මෙය ශ්‍රී ලංකාව වැනි රටක පවතින වර්ථමාන තත්වය සමග ඉතා හොද පියවරක් වෙනවා. දිනකට පාර්ලිමේන්තුව පැවැත්වීමට යන වියදම – සහභාගී වන සියල්ලන්ට ආරක්ෂාව සැපයීමට ගමන් බිමන් සදහා වියදම් වන විශාල මුදල් ප්‍රමාණය, විදුලි පරිභෝජනය – මේ සියල්ල නිසා රටට දිනකට වැය කිරීමට සිදුවන මුදල වෙනත් ව්‍යාපෘති හරහා හරවත් වැඩ සදහා යෙදවීමට හැකියි.

COVID 19 නිසා වියදම් අවම කරගැන්මට බොහෝ රටවල් වල නායකයින් පවා සියළු ජාත්‍යන්තර රැස්වීම් සදහා Online Meetings භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. තාක්ෂණය ගැන කතා කරන – තාක්ෂණයෙන් රට ඉදිරියට ගෙනයන්නට කතා කරන පාලකයන් මෙලෙස තමන්ගේ තාක්ෂණය භාවිතය හරහා රටටම ආදර්ශ්‍යක් වීම මෙවන් අවස්ථාවක ඉතා වැදගත් වෙනව.

Zoom යනු Online Meeting වලට බහුලව භාවිතා වන එක Software / App එකක් පමණක් වන අතර මෙයට අමතරව නොමිලේ ලබාදෙන Google සමාගමේ මෙන්ම Microsoft සමාගමේ Meeting පහසුකම්ද තිබෙනවා. Online ක්‍රමය යටතේ Phone / TAB වලින් පවා Meeting වලට සම්බන්ධ විය හැකි පහසු Interface සකසා ඇති නිසා මෙයට විශාල තාක්ෂණික දැනුමක් අනවශ්‍යයි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *